Monday, April 28, 2014

බ්‍රිට්නිගේ පෙම්වතා නිසා ඇය තරබාරු වෙනවාලු

බ්‍රිරිට්නි නිතර කතාබහට ලක්වන චරිතයක්. ඇයගේ ජීවිතයද බොහෝ වෙලාවට ඒකාකාරී ලෙස ගතකිරීමට බ්‍රිට්නි කිසිදු කැමැත්තක් දක්වන්නේ නැහැ. පසුගියදා ඇයගේ ජීවිතයේ සැගවුණ තොරතුරක් හෙළිකරලීමට එරට මාධ්‍ය සමත් වී තිබුණා.
බ්‍රිට්නිට හැම වෙ‍ලේම මොනවා හරි කෑමට ගැනීමට අවශ්‍යයයිලු. ඒ නිසා ඇය හැම විටම කෙටි ආහාර වර්ග අනුභව කරන බවයි සඳහන් වන්නේ. ඇයගේ මේ පුරුද්දට ස්පියර්ගේ අලුත්ම පෙම්වතා වන ඩේවිඩ් ලුකාඩෝ  උදව් කරනවාලු. බ්‍රිට්නි 32 වන වියේ පසුවුවත් ඩේවිඩ් නම් තවම 28 හැවිරිදි තරුණයෙක්.

බ්‍රිට්නිගේ මේ සෞඛ්‍යයට හානිකර පුරුද්දට ඩේවිඩ් උදව් කිරීම නිසා ඇයගේ ජීවිතේ වඩාත් නරක අතට හැරීමට බොහෝ ඉඩකඩ ඇති බව නැෂනල්
ඉන්ක්වයරේ සඳහන් කොට තිබුණා.
ඩේවිඩ්, බ්‍රිට්නිගේ ගමන්මල්ලට සෑම දිනකම ඇය ප්‍රියකරන චොක්ලට් වර්ග, බදින ලද අලපෙති මෙන්ම තෙල්වලින් සාදන ලද කෙටි ආහාර වර්ග ලබා දෙනවාලු.
මේ පිළිබඳව බ්‍රිට්නිගේ පියාවන ජෙමී  නම් ඉන්නේ හරිම තරහින්. ඔහු ඩේවිඩ්ට තර්ජනය කර තිබුණේ තම දියණියගේ මේ නරක පුරුද්දට ඔහු උඩගෙඩි දෙන්නේ නම් මේ සම්බන්ධයට වැඩි ආයුෂ නැති බව ජෙමී පවසනවා. ඩේවිඩ්ට බ්‍රිට්නිගේ කෑදරකම පාලනය කරන්නට හැකියාවක් නැත්නම් බ්‍රිට්නිගේ පියා මේ සම්බන්ධය තවදුරටත් ඉදිරියට ගෙනයාමට ඉඩ නොදෙන්නට තීරණය කරලලු.
බ්‍රිට්නිට ඩේවිඩ් දැඩි ආදරයක් දක්වන නිසා ඇයට වරින් වර කෑම ජාති කෑමට දීම තුළින් බ්‍රිට්නිගේ සිත සතුටු කිරීම ඩේවිඩ්ගේ අරමුණලු.  මේ සියලු ආහාර ගැනීමෙන් පසුව බ්‍රිට්නි සතියට දින පහක් ජිම් එකට යාමට අමතක කරන්නේ නැහැ. නමුත් බ්‍රිට්නිගේ යහළුවන් නම් දැඩි කනස්සල්ලෙන් සිටින්නේ ඩිෙව්ඩ්ගේ මේ නරක පුරුදු නිසා බ්‍රිට්නිගේ ජීවිතේට කරදරයක් වේවි කියා

No comments:

Post a Comment