Tuesday, April 29, 2014

මැයි දිනයේ කොළඹ රථ වාහන සැලසුම මෙහෙමයි

 මැයි දිනයේ කොළඹ රථ වාහන සැලසුම මෙහෙමයිකොළඹ නගරයේ මැයි දින රැළි 17ක් සහ මැයි දින පෙළපාලි 15 ක් ගමන් කිරිමට නියමිතව ඇති බැවින් මැයි 01 වන දින විශේෂ රථවාහන සැලැස්මක් කොළඹ නගරය තුළ කි‍්‍රයාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක,ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙයි.

ඒ අනුව එකී සැලසුම මෙපරිදිය.



* නෙළුමි පොකූණ මාර්ගය (පුස්තකාල වටරවුම සිට නෙළුමි පොකූණ වටරවුම දක්වා) පැය 0900 සිට පෙළපාලි අවසන් වන තෙක්.

* බේස්ලයින් පාර ඉංග‍්‍රමි හන්දිය (සමන්තා හෝල් හංදිය)සිට බොරැල්ල හංදිය දක්වා දහවල් 1200 සිට රැළිය අවසන් වන තෙක්.

*දහවල් 11.00 ට පෙළපාලි ආරමිභ වූ අවස්ථාවේ පටන් අවසානය දක්වා කන්නන්ගර මාවත-ඩින්ස් පාර-මරදාන පාර-බොරැල්ල හංදිය දක්වා පෙළපාලිය ගමන් කරන මාර්ගය අවශ්‍යතාවය මත වාහන ගමන් කිරිම සීමා කරයි.

* පිත්තල හන්දිය සහ මල්පාර හන්දිය සිට ජේ. ඕ.සී හංදිය දෙසට පමණක් ධාවනයට ඉඩ දේ. රතු කූරුස හංදිය- ග්ලාස් හවුස්-මල්පාර හන්දිය අතර වාහන ගමනාගමනයට අවසර ලැබෙන්නේ එක්සත් මැයි රැළියට “ ජාතික පුස්තකාලයේ පැවැත්වෙන මැයි දින රැස්වීමට පැමිණෙන වාහන සහ පදිංචිකරුවන්ගේ වාහන වලට පමණි“ .

* ගාලූපාර - පිටකොටුව සිට මීගමුව පාර හෝ නුවර පාර දෙසට ධාවනය වන රථවාහන වලට පිටකොටුව- ඕල්කටි මාවත-ආමර්විදිය හංදිය ඔස්සේ වික්ටෝරියා පාලමෙන් මීගමුවට ඇතුළුවීමට හෝ හෙටිටියාවත්ත- අලූත් මාවත- මෝදර- මටිටක්කූලිය“ඇළකන්ද හරහා වත්තලට පැමිණ ගමන් කීරිමටද, මීගමුව පාරේ හෝ නුවර පාරේ සිට හැවිලොක් පාර- ගාලූ පාර- පිටකොටුව දෙසට ගමන් කරන වාහන වලට ඉහත දක්වා ඇති පරිදි එම මාර්ගයන්ම විකල්ප මාර්ග වශයෙන් භාවිතා කළ හැක.

* පෙළපාලිය ආරමිභ වීමෙන් පසු පැය 12.00 සිට බොරැල්ල හංදිය වැසී යන බැවින් බොරැල්ල හන්දිය හරහා පෑලියගොඩ දෙසට ගමන් කරන රථවාහන කනත්ත වට රවුම-බෞද්ධාලෝක මාවත- තුංමුල්ල- ගාලූ පාර-පිටකොටුව හරහා ගමන් කළ හැකි අතර නුවර පාර දෙස සිට බොරැල්ලට පැමිණෙන වාහන ඉඟුරු කඩේ හංදිය- ආමර් විදිය-ප‍්‍රධාන වීදිය” පිටකොටුව” කොල්ලූපිටිය” ඩුප්ලිකේෂන් පාර තුංමුල්ල හරහා ගමන් කළ හැක.

* නුවර පාරෙන් නාරාහේන්පිට- රාජගිරිය-නුගේගොඩ දෙසට යාමට පැමිණෙන සාමාන්‍ය වාහන පෙරවරු 10.00 සිට ප‍්‍රධාන මැයි පෙළපාලිය ගමන් කර අවසන් වන තෙක් ඔරුගොඩවත්ත හංදියෙන් වමට හරවා වැල්ලමිපිටිය පොලිසිය ඉදිරිපිටින් කොළොන්නාව පාර- වතුර ටැංකිය- රාජගිරිය- කොටා පාරට පැමිණ වැලිකඩ හරහා ගමන් කිරිමට අවස්ථාව සලසා ඇත. එසේම රාජගිරිය - නුගේගොඩ- නාරාහේන්පිට සිට නුවර පාරට ගමන් කරන වාහන සදහාද මෙම මාර්ගය භාවිතා කළ හැක.

* 138, 120 ,170,164, 175, 122, 99, 150 වැනි නගර ශාලාව හරහා කොළඹට පැමිණෙන බස් රථ තුංමුල්ල- බමිබලපිටිය හංදිය- කොල්ලූපිටිය හංදිය- පිත්තල හංදිය- ජේමිස් පීරිස් මාවත- ශි‍්‍ර ජිනරතන මාවත- බේබෲක් පෙදෙස- හයිඩිපාර්ක් කෝනර් හරහා යුනියන් පෙදෙසට පැමිණ ටි.බී ජයා මාවත හෝ කොමිපඤ්ඤවිදියට පැමිණ ගමන් කළ හැක.

* කොළඹින් පිටවන වාහන ඩි.ආර් විජේවර්ධන මාවත- ටි.බී ජයා මාවත- ඉබිබන්වල හංදිය-කොමිපඤ්ඤවිදිය- ගාලූ මුවදොර වටරවුම- කොල්ලූපිටිය- ඩුප්ලිකේෂන් මාර්ගය- තූමිමුල්ල හරහා ගමන් කළ හැක.

* දක්‍ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ කටුනායක ගූවන් තොටුපළ බලා යන වාහන මාලඹේ- කඩුවෙල වැල්ලමිපිටියෙන් බියගම හරහා නුවර පාර පෑලියගොඩට පැමිණ ගමන් කළ හැකි අතර කටුනායක සිට දක්‍ෂිණ අධිවේගී මාර්ගයට පැමිණෙන වාහන පෑලියගොඩ- කැලණිය- අතුරුගිරිය- කොටිටාවට පැමිණීම වඩාත්ම යෝග්‍ය වේ.

No comments:

Post a Comment