Monday, April 28, 2014

මාරාන්තික වෛරසයක් වේගයෙන් පැතිරෙයි

Mers-Virus 








මැද පෙරදිග කලාපයේ පැතිර යන SARS වැනි වෛරසයක් ලෙස සැලකෙන MERS වෛරසයතවත් රටවලට පැතිර යාමේ අවදානම ඉහළගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය බලධාරීහු පවසති. මෙම වෛරසය පළමු වරට අනාවරණය වූයේ, 2012 වසරේදී ය. MERS වෛරසය ස්වසන ආබාධ ඇති කරවනසුලු අනතුරුදායක වෛරසයක්බවට අනාවරණය වී තිබේ. මෙය මැද පෙරදිග කලාපයේ ව්‍යාප්තව පැවති බැවින් Middle East Respiratory Syndrome (MERS) යනුවෙන් නම් කර ඇත.
ඉදිරියේදී මෙම වෛරසය ඊජිප්තුව
, මැලේසියාව, පිලිපීනය සහ ඉන්දුනීසියාව යන රටවලට ද ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව හෙළි වී තිබේ. මැද පෙරදිග සහ ආසියානු රටවල මෙම වෛරසය ව්‍යාප්ත වෙමින් පැවතීම හේතුවෙන් ශ්‍රී ලංකාව වැනි රටවලට ද ඉන් බලපෑමක් එල්ල විය හැකි ය.

No comments:

Post a Comment