Tuesday, April 29, 2014

දැරිය ගෙල වැලලා ගත්තේ ඇයි.......

 සෙල්ලම් ලෙල්ලම් වෙයි-දැරිය එල්ලුණාද?එල්ලුවාද?වයස අවුරුදු 11 ක් වන පාසල් සිසුවියක ගෙල වැලලාගෙන මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව වෙන්නප්පුව පොලීසිය කියයි.

මිය ගොස් ඇත්තේ වෙන්නප්පුව,බණ්ඩිරිප්පුව - මහවත්ත ජනපදයේ පදිංචිව සිටි ලොක්ක පත්තලාගේ රසිකා දුලානි (අවු:11) නම්වූ පාසල් සිසුවියකි.

ඊයේ (28)සවස 4.15 ට පමණ මෙම සිද්ධිය සිදුවී ඇති බව පොලීසිය පවසයි.

 ඇය තම නිවුන් සොහොයුරිය හා පියා සමග ජීවත් වී ඇති අතර ඇගේ මව රැකියාව සදහා විදෙශගත වුවෙකි.

ඊයේ සවස දැරිය අසල්වැසි දරුවන්  සමග සෙල්ලම් කරමින් සිට ඇති අතර සුළු වේලාවකින් ඇය තම මිතුරු මිතුරියන්ගෙන් වෙන්වී ගොස් තිබේ.

එසේ වෙන්වීයාමට හේතුව අනාවරණය වී නැති අතර පසුව දැරිවිය පදිංචි නිවසට ඉදිරි පිට පිහිටි නිවසේ කාමරයක ඇය ගෙල වැලලාගෙන සිය දිවි නසාගෙන  ඇත.

මේ බව වෙන්නප්පුව පොලීසියට දැනුම් දීමෙන් පසුව සිරුර මාරවිල මූලික රෝහලට ගෙනවිත් තිබේ.

සැබවින්ම දැරිය ගෙල වැලලාගෙන මිය ගොස් ඇත්ද, එසේත් නැතිනම් කිසිවෙකු විසින් ඇයට අනතුරක් කොට පසුව එල්ලන ලද්දේද යන්න පිළිබඳ තහවුරු වී නොමැත.

පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇති අතර වෙන්නප්පුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ කරගෙන යයි.

No comments:

Post a Comment