Monday, April 28, 2014

ජනපති නියෝග දුන්නත් ශ්‍රී මහා බෝධිය අසල රථගාල ඉවත් කර නෑ

jaya-sri-maha-bodhi 







ශ්‍රී මහා බෝධීන් වහන්සේ ආසන්නයේ පැවැති නවරථගාල ඉවත් කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නියෝගයක් නිකුත් කර තිබියදීත් ඊයේ (27) උදෑසන වන විටත් එම රථගාල තුළට නැවත වාහන ඇතුළත් කළ බව ශ්‍රී ලංකා පාරමිතා බෝධි ආරක්ෂක සම්මේලනයේ සභාපති ඉන්ද්‍රජිත් සේනානායක මහතා ‘ලක්බිමට’ ප්‍රකාශ කළේය.
ශ්‍රී මහා බෝධීන් වහන්සේ අවට ඉදිකරන ලද නව රථගාල හේතුවෙන් පිටවන අධික විෂ මගින් බෝධින් වහන්සේ රෝගී විය හැකි බව ඉන්ද්‍රජිත් මහතා විසින් පෙර සිටම හඳුනාගෙන තිබිණි. ඒ අනුව ජනාධිපතිවරයාට ඇතුළු අදාළ බලධාරීන්ට මේ බව දන්වා තිබේ. අනතුරුව උන්වහන්සේගේ් වෛද්‍යවරයා ලෙස කටයුතු කරන පේරාදෙණිය උද්භිද උද්‍යානයේ අධ්‍යක්ෂ ආචාර්ය සිරිල් විජේසුන්දර මහතාගේ මූලිකත්වයෙන් අදාළ
පර්යේෂණ සිදු කරනු ලැබිය. ඒ අනුව මධ්‍යම පරිසර අධිකාරිය,  පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අංශය ඇතුළු අදාළ ආයතන ඒකාබද්ධව සිදුකරනු ලැබූ අවසන් පර්යේෂණ වාර්තාව අප්‍රේල් 09 දා එළි දැක්විය.
එම වාර්තාවට අනුව මීටර් 500ක දුරකට  රථගාල ගෙන යාම වඩාත් උචිත හා අත්‍යවශ්‍ය බව තීරණය විය. මේ පිළිබඳව අප අනුරාධපුර නගරාධිපති එච්.බි. සෝමදාස මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ මීටර් 500ක් දුරට නව රථගාලක් නිර්මාණය කරන තෙක් පවතින රථගාලට වාහන ඇතුළත් කිරීමට සිදුවන බවය.

No comments:

Post a Comment