20-20 තරඟවලින් සමුගැනීම පිළිබඳව කරුණු හෙළි කිරීම නිසා ඒ ගැන මාධ්‍යයට
තොරතුරු ලබාදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් වැළැක් වූ බව ශ්‍රී ලංකා
ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර පවසයි.
20-20 ක්‍රිකට් ලෝක කුසලානය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම අද පස්වරුවේ කටුනායක
ගුවන් තොටුපළින් දිවයිනට පැමිණි අතර ගුවන් තොටුපළ පරිශ්‍රයේ පැවැති විශේෂ
මාධ්‍ය හමුවකටද ඔවුන් එහිදී සහභාගි විය.
එම මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් විමසූ පැනයකට පිළිතුරු වශයෙන් සංගක්කාර මේ බව පැවසීය.
අපව විවේචනය කිරීමේ වරදක් නැති අතරම එහෙත් එම විවේචන සාධාරණ විය යුතු බවත් සංගක්කාර එහිදී කීවේය.
ක්‍රිකට් ක්‍රීඩකයින් වශයෙන් අප රට වෙනුවෙන් ජයග්‍රහණ අත්කර දීමට සැමවිටම
කැපවන බවත් ඒ ගැන මේ රටේ පමණක් නොව විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයින් පවා
හොඳින් හඳුනාගෙන ඇති බවත් ඔහු පෙන්වාදුන්නේය.
එක්කෙනෙක් දෙන්නෙක් බැණ වැදුණද එය එතරම් සැලකිල්ලට නොගන්නා බවද බහුතරයක් ජනතාව අප සමග සිටින්නේ යැයිද ඔහු සඳහන් කළේය.
ඉදිරි අනාගතය ගැන අනාවැකි කිව නොහැකි නමුත් ඉදිරි තරඟවලදී ශ්‍රී ලංකා
කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් උපරිමයෙන් කැපවන බවද ඔහු කියා සිටියේය.
එක්දින හා ටෙස්ට් තරඟවල නව තරඟ නීති අනූව කටයුතු කරමින් ශ්‍රී ලංකාවට ජයග්‍රහණ අත්කරදීම ගැන අවධානය යොමුකරන බවද හෙතෙම පැවසීය.
එම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ 20-20 කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් කියා සිටියේ කුසලානය දිනා ගැනීම සියල්ලටම වඩා වැදගත් වූ බවයි.
මාලිංග අයියා පැවසූ ආකාරයට වේගපන්දු යවන්නන්ට ද නායකත්වය ලබාදිය හැකි බව
පෙන්වමින් ඔහු ශ්‍රී ලංකාවට කුසලානය අත්කරදීමට සමත් වූ බව චන්දිමාල් කියා
සිටියේය.
ඩිල්ෂාන්, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන වැනි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින්ගේ
අත්දැකීම් ශ්‍රී ලංකා කණ්ඩායමට වඩාත් ප්‍රයෝජනවත් වූ බව මෙම කුසලානය ජය
ගැනීම තුළින් පෙන්නුම් කළ බව හෙතෙම පැවසීය.
No comments:
Post a Comment