Monday, April 28, 2014

MH 370 සෙවීමේ මෙහෙයුම නව අදියරක් කරා

 
මෙයින් දවස් පනස් දෙකකට පෙර අතුරුදහන් වූ MH 370 මැලේසියානු ගුවන් යානය සෙවීමේ මෙහෙයුම නව අදියරකට ප්‍රවේශ වෙමින් ඇතැයි ඕස්ට්‍රේලියාවේ අගමැති ටෝනි ඇබට් ප්‍රකාශ කරයි.
අගමැතිවරයා පවසන්නේ, ඉන්දියානු සාගරය මතින් යානයට අයත් කිසිදු මට්ටමක සුංබුන් කොටසක් සොයා ගත හැකි හැඩක් දක්නට නොමැති බවයි.

එවැනි තත්වයක් යටතේ දිය මතුපිට නොව සාගර පත්ලේ විශාල කලාපයක දැඩි සෝදිසි මෙහෙයුමකට යොමු වෙන බවයි ඔහු පවසන්නේ.
MH 370 සොයා යන ගමනේදී කෙටිකාලීන මෙහෙයුම් සඳහා දිය යට මෙහෙයවිය හැකි නියමුවන් නැති ‘බ්ලූෆින්’කුඩා සබ්මැරීනයක් දිගටම උපයෝගී කර ගනු ලබන නමුත්, ශබ්ද තරංග මගින් සිදු කෙරෙන සෝදිසි කිරීම් වලට යොදා ගනු ලබන උපකරණ මගින් කෙරෙන සියුම් පරීක්‍ෂණ කටයුතු වාණිජ මට්ටමින් ක්‍රියා කරන කොන්ත්‍රාත්කරුවන්ට පවරන බවත් ප්‍රකාශයට පත් කොට ඇත.

ශබ්ද තරංග මගින් සෝදිසි

යානයට අත් වූ ඉරණම සොයා ගැනීමේ සෝදිසි මෙහෙයුමට මාස ගණනාවක් ගතවිය හැකි බවයි, දැන් පැවසෙන්නේ.
එම මෙහෙයුමට වැය වනු ඇතැයි ඇස්තමේන්තු කොට ඇති ඩොලර් කෝටි හයක මුදල තම රට විසින් දරනු ලබන නමුත්, වෙනත් රටවලින් ද ප්‍රමාණවත් ආධාර මුදල ප්‍රදානය කරනු ඇතැයි බලාපොරොත්තු වෙන බවත් ඕස්ට්‍රේලියානු අගමැති ටෝනි ඇබට් පවසයි.
චීනයේ බේජිං අගනුවර කරා පියාසර කරමින් තිබියදී, MH 370 මැලේසියානු ගුවන් යානය අතුරුදහන් වුණේ මගීන් 239 දෙනකුත් සමඟයි.

No comments:

Post a Comment