හැරී පෝටර් කතා මාලාව තුළින් වඩාත් ජනප්‍රිය වූ එමා වොට්සන් මේ දිනවල
තරමක කණස්සල්ලෙන් පසුවෙනවා කියලා ආරංචියි. ඒ එමා එක්ක ඡායාරූපවලට පෙනී ඉන්න
හැම පිරිමි ළමයත් එක්කම කට කතාවක් පැතිරෙන නිසයි.ආදරවන්තියක් නොවී මේ වගේ
කටකතා පැතිරීම ගැන එමානම් එතරම් සුතුටු නෑ.
“මේ කටකතා නිසා මම හරිම අපහසුතාවයට පත්වෙලා ඉන්නේ. එනික ඔය කියන විදිහට ගත්තම මට පෙම්වතුන් 6000 ක් විතර ඉන්නවා” “මට කිසිම party එක්කට යන්නවත් බෑ. එතනදී කවුරු හරි මාත් එක්ක ඡායාරූපයකට පෙනී හිටියොත් පහුවෙනිදාට ඒක තමයි කතාව”
“මොන තරම් සෙනඟක් හිටියත් මේ අය මාවම මේ දේවල්වලට හොයා ගන්නවා”තවමත් 22 වන වියේ පසුවන එමා නිරන්තරයෙන් පුවත් මවන්නේ පෙම්වතුන් පිළිබඳවයි.
No comments:
Post a Comment