බලයෙන් පහ කෙරුණ තායිලන්ත අගමැතිනි යින්ලුක් සිනවත් ගේ
ආධාර කරුවන් බැංකොක් අගනුවර බටහිර සීමාවේ එක්රැස් වෙමින් සිටින බව වාර්තා
වෙයි.අගමැතිවරිය සහ ඇයගේ ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරුන් නව දෙනෙක් පදවිවලින් නෙරපා හරිනු ලැබීමෙන් අනතුරුව, මහජන ඡන්දයෙන් තේරී පත් නොවූ පාලනයක් බලයට ගෙන ඒමට සැරසෙන බවට ඉහත කී ආධාරකරුවෝ විපක්ෂයට චෝදනා කරති.
අගමැතිනි යින්ලුක් සිනවත් සහ ඇයගේ ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරුන් නව දෙනා පදවිවලින් ඉවත් කෙරුණේ, ඔවුන් බලය අයුතු ආකාරයට පාවිච්චි කර ඇති බව තායිලන්ත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය විසින් තීන්දු කරනු ලැබීමෙන් පසුවයි.
මුලින් කී උද්ඝෝෂණයට අමතරව තායිලන්ත විපක්ෂයේ ආධාරකරුවන්ද මහජන රැළියක් ද ඇතුළුව විරෝධතා පෙළපාලියක් බැංකොක් අගනුවර පැවැත්වීමට සංවිධානය කරමින් ඇති හෙයින් දහස් ගණනක පොලිස් බලකායක් සීරුවෙන් තබනු ලැබ ඇති බවත් වාර්තා වෙයි.
ඊයේ සිකුරාදා ආණ්ඩු විරෝධී සිය ගණනක් ගෙන ගිය විරෝධතා ව්‍යාපාරයකට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ බවත් වාර්තා කෙරිණ.
No comments:
Post a Comment