Sunday, May 11, 2014

ලෝක තරුණ සමුළුව අවසන් - කොළඹ ප්‍රකාශනය එළිදක්වයි

ලෝක තරුණ සමුළුව අවසන් - කොළඹ ප්‍රකාශනය එළිදක්වයි15 වන ලෝක තරුණ සමුළුව ඊයේ(10) අවසන් විය.

ඒ මහරගම තරුණ සේවා සභාවේ පැවති උත්සවයේ දි කොළඹ ප්‍රකාශනය එළිදැක්වීමත් සමඟය.

2015න් පසු සහස්‍ර සංවර්ධන ඉලක්කක ජයගැනීම සඳහා තරුණයින්ගේ කාර්යයභාරය තේමාකරගත් යෝජනා 14කින් කොළඹ ප්‍රකාශනය සමන්විත වෙයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රි ලංකාවේ නිත්‍ය නියෝජිත ආචාර්ය පාලිත කොහොන මහාතා විසින් යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා වෙත කොළඹ ප්‍රකාශනය ප්‍රථමයෙන්ම පිළිගැන්වුණු අතර ඉන් අනතුරුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තරුණ කටයුතු පිළිබද නිත්‍ය නියෝජිතවරයා වෙත භාරදී තිබේ.

මෙම ප්‍රකාශනයේ පළමු තේමාව වන්නේ අන්තර්ගත නායකත්වයෙන් යුත් තරුණ සංවර්ධනය යන්නයි.

දිළිදු බව තුරන් කිරිම සහ ආහාර හා පෝෂණය සුරක්ෂිත කිරිම, ගුණාත්මක අධ්‍යාපනය සැමට එක හා සමානව ලබාදීම පිළිබඳව අවබෝධ කරගැනීම, සෞඛ්‍ය සම්පන්න ජිවිතය පිළිබඳව ප්‍රවර්ධනය හා ගුණාත්මක සෞඛ්‍ය සේවා අත්කරදීම, පූර්ණ සේවා නියුක්තිය හා ව්‍යවසායකත්වය, ස්ත්‍රි පුරුෂ සමානාත්මතාවය, මෙහි තේමා වෙයි.

මීට අමතරව සමාජ ක්‍රමයේ ඇති අසමානාත්කතාවය අවසන් කිරිම, අවධානම් තත්ත්වයක සිටින තරුණ තරුණියන් පිළිබඳ වඩා අවධානය යොමු කර ආන්තික කාරණය වූ තරුණ තරුණියන්ව බලගැන්විම, කලාව සංස්කෘතිය සහ ක්‍රිඩාවලට ඇති නිර්මාණාත්මකභාවයට ඇතුළත් කිරිම, පාරිසරික ස්ථායිතාව, ස්වභාවික ආපදා අවදානම අවම කිරිම හා තරුණයන් මැදිහත්වු නාගරීකරණය, සාමය ශාක්ෂාත් කරගැනීමට ප්‍රචණ්ඩත්වය අවසන් කිරිම, යහ පාලනය කරා ළගා වීම සහ වගකීම් දරාගැනීම, තරුණ අයිතිවාසිකම්, තරුණ සහභාගිත්වය අන්තර්ගහණය කරගැනීම යන තේමා යටතේ මෙම ප්‍රකාශනය එළි දක්වා තිබේ.

පසුගිය 06 වැනිදා ලෝක තරුණ සමුළුව ආරම්භ වූ අතර එහි සමාරාම්භක උත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මාගම්රුහුණුපුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දි පැවැත්වුණි.

ඉන් අනතුරුව තරුණ සමුළුවේ සැසිවාර කිහිපයක් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දි පැවැත්වේ .

No comments:

Post a Comment