බොකෝ හරාම් කැරලිකරුවන් විසින් පැහැර ගන්නා ලද සිය
ගණනක් පාසල් දැරියන්ට අත් වූ ඉරණම ජාතික අවමානයක් ලෙසින් නයිජීරියානු ජනතාව
සලකන බව අබුජා අගනුවර කතෝලික අගරදගුරුවරයා පවසයි.තමන් ආණ්ඩුවේ සිටියේ නම් එම සිදුවීම පිළිබඳව ලැජ්ජාවට පත් වන බව ජෝන් ඔනයියෙකන් කාදිනල් තුමා බීබීසීයට පැවසූහ.
පැහැර ගනු ලැබුන පාසල් දැරියන්ගේ ඉරණම පිළිබඳව තමන් බියෙන් පසුවන බව පවසන කාදිනල්වරයා, සන්නද්ධ කණ්ඩායම එම දැරියන්ට මත්ද්‍රව්‍ය ලබා දී බලහත්කාරයෙන් ඔවුන් තැනින් තැනට ගෙන් යමින් සිටින බවට වාර්තා පිළිබඳව තැති ගැනී සිටින බවද කියා සිටියේ ය.
දැරියන් බේරා ගැනීමේ කණ්ඩායම්වල කාර්යභාරය තවත් දුෂ්කර කිරීමේ අරමුණින් බොකෝ හරාම් සන්නද්ධ කණ්ඩායම විසින් පාලම් දෙකක් පුපුරවා හරිනු ලැබ ඇති බවට නයිජීරියානු බලධාරීහු සැක පළ කරති
No comments:
Post a Comment