හෙට දිනයේ කොළඹ ආශ්රිත ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ අනුව හෙට දිනයේ පෙරවරු 08.00 සිට පස්වරු 05.00 දක්වා නුගේගොඩ,
නුගේගොඩ හන්දියේ සිට විජේරාම හන්දිය දක්වා, පිටකෝට්ටේ , ඇතුල් කෝට්ටේ,
මිරිහාන, උඩහමුල්ල, විජේරාම, පාගොඩ, නාවල, මාදිවෙල, තල්පත්පිටිය, මහරගම,
බොරලැස්ගමුව සහ කැස්බැව නගර සභා බල ප්‍රදේශ වලට ජල සැපයුම අත්හිටුවීමට
නියමිතය.
එමෙන්ම හෙට දිනයේ රාත්‍රී 09.00 සිට පසුදින උදෑසන 06.00 දක්වා කොළඹ
ඩික්මන් පාර සහ ඊට සම්බන්ධ සියලු අතුරු මාර්ග වල ජල සැපයුම අත්හිටුවන බව ද
ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ලංකා විදුලි පෞද්ගලික සමාගම විදුලිය විසන්ධි කිරිම හේතුවෙන් හා කොළඹ අගනගර
සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ජල නල එළීම හේතුවෙන් මෙලෙස අදාළ ප්‍රදේශ වල ජල
සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කරයි.
No comments:
Post a Comment