දියබත්වූ දකුණු කොරියානු නැවේ කපිතාන්වරයාට සහ කාර්ය
මණ්ඩලයේ තවත් ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් තිදෙනෙකුට එරෙහිව මිනීමැරීමට තැත් කිරීමේ
චෝදනා යටතේ නඩු පවරා තිබේ.කාර්ය මණ්ඩලයේ තවත් එකොලොස් දෙනෙකුට රාජකාරී පැහැර හැරීමේ චෝදනා ගොනු කොට ඇත.
පසුගිය මාසයේදී මෙම නෞකාව දකුණු කොරියානු මුහුදේදී දියබත් වීමෙන් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු දෙසිය අසූ දෙනකුට වැඩි පිරිසක් මරණයට පත් විය.
ඔවුන්ගෙන් වැඩි පිරිසක් සෝල් අගනුවර ආසන්නයේ උසස් පාසලක සිසුන්.
එම නෞකාව දකුණු කොරියාවේ ඉන්චන් සිට ජෙජු දූපත බලා යාත්‍රා කරමින් තිබිණ.
No comments:
Post a Comment