වින්නඹු මාතාව හෙවත් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් රෝහල්වලත් ක්ෂේත්රය තුළත් ඉතා උසස් සේවාවක් සිදු කළ සහ සිදුකරන සෞඛ්‍ය ක්ෂේත්රයේ
වැදගත් වූ පිරිසකි. ඔවුන් මතෛක් කල් හෙද නිලධාරිනියක් යටතේ පුහුණුවීම් ලබා
හෙද නිලධාරිනියන් සමග සමගියෙන් රෝහල්වල සූතිකාගාර තුළත් ක්ෂේත්‍ර සේවාවලත්
නිරතව සිටියහ. කිසිදු ගැටලුවක් හෝ ගැටුමක් මේ කිසිවෙකු අතරින් නිර්මාණය
නොවූයේ ඔවුන් සත්භාවයෙන්ම ජනතා සේවයට කැපවී සිටි නිසාය.
එහෙත්
හදිසියේම මෙන් පවුල් සෞඛ්‍ය සේවිකාවන්ට සෞඛ්‍ය සේවාව තුළ බරපතළ සේ හැඟෙන
ගැටලුවක් පෙනෙන්නට විය. එනම් රජයේ හෙද නිලධාරිනියන්ද සූතිකා පුහුණුව
ලැබිමයි.එය අද ඊයේ නොව බොහෝ කාලයක
පටන් සිදුකෙරෙන දීර්ඝකාලීන ක්‍රියාවලියකි. වසර තුනක හෙද පුහුණුවට අමතරව
වසරක කාලයක් සූත්‍රිකා පුහුණුව ලබන හෙදිය සූතිකාගාර තුළ
විශිෂ්ට
වූ සේවාවක් මැනවින් ඉටු කළාය. දැනටත් මේ රටේ ප්‍රධාන කාන්තා රෝග සඳහා
මහාචාර්යවරුන් යටතේ වන රෝහල්වල සූතිකාගාර සේවා සඳහා ඇත්තේ හෙදියන් පමණක් බව
අප දනිමු. ඔවුන් අංගසම්පූර්ණ සූතිකාගාර පුහුණුව ලත් නිලධාරිනියන්ය. එමෙන්ම
ජයවර්ධනපුර රෝහල තුළද සූතිකාගාර සඳහා පවුල් සෞඛ්‍ය සේවිකාවන් සම්බන්ධ
කරගනු නොලබයි. ක්ෂේත්රයේ විවිධ මාතෘ හා ළදරු සේවා අවශ්‍යතා මත නිර්මාණය වූ
වින්නඹු සේවාව රෝහල්වල සූතිකාගාර අවශ්‍යතා සඳහා යොදාගනු ලැබුවේ ප්‍රතිකාර
පුහුණුව ලැබූ හෙද නිලධාරිනියන්ගේ ප්‍රාමාණික ඌනතා සලකා බව මෙයින්
පැහැදිලිය. එබැවින් හෙදියන් වැඩි ප්‍රමාණයකට සූතිකා පුහුණුව ලබාදීමේ
අවශ්‍යතාව සෞඛ්‍ය අමාත්‍යංශයට වැටහී ගිය බැවින් ගන්නා ලද නව ක්‍රියාමාර්ග
ප්‍රශංසනීය මට්ටමක පවතී.
වින්නඹු
සේවිකාවන්ගෙන් සිදුවන කාර්යභාරය හෙදියගෙන් සිදුවන අතර හෙදියගෙන් සිදුවන
කාර්යභාරය වින්නඹු සේවිකාවගෙන් සිදු නොවේ. මේ අනුව වින්නඹු පුහුණුව හෙදියට
ලබාදී ලබාගන්නා සේවය තුළින් සිදුවන වාසිදායක තත්ත්වය (වැටුප් ගෙවීම් ඇතුළු)
පෞද්ගලික රෝහල් පද්ධතිය වටහාගෙන ඇත. පෞද්ගලික රෝහල්වල වින්නඹු සේවිකාවන්
නැත්තේ මේ නිසාය.
කරුණු මෙසේ
තිබියදී වෛද්‍ය සංගම් ලෙස පෙනී සිටින රජයේ වෛද්‍යවරුන්ගෙන් සුළුතරයක් කුහක
හෝ යටි අරමුණක් පසුබිම් කොටගෙන අසරණ වින්නඹු මාතාවන්ගේ මනසට විෂබිජයක්
එන්නත් කර තිබේ ‘හෙදියන්ට සූතිකා පුහුණුව ලබාදීම පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ
රැකියාවට තර්ජනයකි’ යන අදහස ඉතා පහත් හැඟීමකින් ඔවුන් තුළ වර්ධනය කිරීමට
වෛද්‍යවරුන්ගෙන් ඇතැම් පිරිසක් ක්‍රියා කළා මෙන්ම දැනටමත් ඔවුහු ඇවිළෙන
ගින්නට පිදුරු දමමින් සිටිති.
වින්නඹු
සේවිකාවන් වැඩි පිරිසක් සේවය කරන කුරුණෑගල ශික්ෂණ රෝහල තුළ මෙම ගැටලුව
තදින් ක්‍රියාත්මක වෙයි. හෙදියන්ට සූතිකා පුහුණුව නොදිය යුතුය යන අරගලය
පරාජයට පත්කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය එහි පවතින කාලීන වැදගත්කම සලකා
හෙදියන්ගෙන් සීමිත පිරිසකට වසරක සූතිකා පුහුණුව ලබාදීමට තීරණය කළේය. එයින්
ලැජ්ජාවට පත් වින්නඹුවාදී වෛද්‍ය සංගම් අදුරදර්ශී තවත් ක්‍රියාමාර්ගයකට
පවුල් සෞඛ්‍ය සේවිකාවෝ ඇද දැමූහ. එනම් “ඔබලා හෙද නිලධාරීන් යටතේ ඔවුන්ගේ
කාර්යාලයේ අත්සන් නොකොට ගෙදරින් රැගෙන ආ වෙනත් කොපි පොතක් තමන් කැමති තැනක
තියාගෙන අත්සන් කොට රාජකාරියට පලයල්ලා” යන උපදේශයට අසරණ වින්නඹු මාතාවෝ
මුලා වූහ.
ක්‍රමවත් ලෙස අත්සන්
ලේඛනයක වාර්තා නොකොට තමන් කැමති කැමති පරිදි සේවා මුර පවත්වාගෙන යාමේ
නිදහස ඉතා ඉහළින් ආරක්ෂා කරගෙන සිටින වෛද්‍යවරුන්ට නම් මෙම අක්‍රමවත්
රාජකාරි ක්‍රමය අමුතු දෙයක් නොවේ ‘තමන්ගේ මට්ටම් තම්මැට්ටම්’ යන ගැමි කියමන
අනුව වෛද්‍යවරුන් සේවයට වාර්තා කිරීමේ හිතුවක්කාර ක්‍රමවේදය වෙනස් කිරීමට
කිසිදු රජයකට නොහැකි විය.
නීතිගරුක
බව හා විනයගරුක බව තම රාජකාරියේදී ඉතා ඉහළින් ආරක්ෂා කරගැනීමේ ඉතිහාසයක්
ඇති රජයේ හෙද නිලධාරිනියන් මෙම වින්නඹු සේවිකාවන්ගේ අක්‍රමවත් රාජකාරි
ක්‍රමයට විරෝධය පළ කළහ. ඔවුන් කිසිදු වගකීමකින් තොරව මේ පිවිසෙන්නේ
කැඩුම්බිඳුම් වෙදකම් කරන ස්ථානයකට හෝ තුවාලවලට බේත් දමන ගමේ කඩවීදියේ
බෙහෙත් ශාලාවකට නොවේ.
මව්පිය
දෙදෙනාගේ සුවහසක් ප්‍රාර්ථනා සඵල කරමින් මෙලොව එළිය ලබන ජාතියේ අනාගත
පරපුරට අයත් මානව සම්පත් බිහිකරන තිඹිරි ගෙදරට හෙවත් සූතිකාගාරයටයි.
රාජකාරියට නිසි ලෙස වගකීමෙන් යුතුව පැමිණෙන ලෙස ඉතා සුහද ලෙස හා ගෞරවනීය
ලෙස හෙද නිලධාරීන් කළ ඉල්ලීම් තුට්ටුවකට ගණන් නොගත් මේ හිතුවක්කාර පවුල්
සෞඛ්‍ය සේවිකාවෝ කායිකවත් මානසිකවත් විෂබිජ දෝත දරාගෙන සූතිකාගාර තුළට
කඩාපැන යකා නැටූහ. එක් වින්නඹු සේවිකාවක් හෙද නිලධාරිනියකගේ ඇඟේ හැපී බිම
ඇදවැටී “බුදු අම්මෝ මිනී මරණවෝ” යැයි කෑ ගසමින් විකට ජවනිකාවකද නිරත වූවාය.
මෙම
ගැටලු කිසිවක් බුද්ධිමත් ලෙස සාකච්ඡා මගින් හෝ විසඳා ගැනීමට අපොහොසත් වූ
කුරුණෑගල රෝහල් පරිපාලන නිලධාරීන් වෘත්තීය සමිති භේදයකින් තොරව අඛණ්ඩ
වැඩවර්ජනයක් දක්වා යොමු කර තිබේ. (මෙම ලිපිය සම්පාදනය කළ දින වන විට සෞඛ්‍ය
අමාත්‍යවරයා වෘත්තීය සමිති සමග සාකච්ඡාවක නිරතව සිටින බැවින් සතුටුදායක
විසඳුමකට ඔවුන් එකඟවනු ඇතැයි විශ්වාස කරමි).
“දශක
එකහමාරක පමණ තම සේවා කාලය තුළ කිසිදු දිනක වැඩවර්ජනයකට සම්බන්ධ වී නැතැයි“
රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ නියෝජිතවරියක් මා සමග පැවැසූ අතර කුරුණෑගල
ශික්ෂණ
රෝහල කේන්ද්‍රකොටගෙන මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට ඔවුන් ප්‍රවේශ වූයේ
වෛද්‍ය සංගම්වල අත්තනෝමතික ක්‍රියා කලාපය නිසා සූතිකාගාරවල ඇතිවී ඇති බලවත්
අර්බුදකාරී තත්ත්වයට විරෝධය පෑමට බව ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.
සත්‍ය
වශයෙන්ම ජනතාවගේ පැත්තෙන් මෙම ගැටලුව දෙස බලන විට අප දකින්නේ අපේ සාමාන්‍ය
පන්තියේ දුගී දුප්පත් අම්මාවරු තම දරුවා මෙලොවට බිහි කරන්නට තෝරාගන්නා
විශ්වාසම ස්ථානය රජයේ රෝහලේ සූතිකාගාරයයි. නිරෝගී දරු පැටියෙකු මවගෙන් ලබා
ගැනීමටත්, මව නිරෝගීව රැක ගැනීමටත් වෛද්‍යවරයා, හෙදිය හා වින්නඹු සේවිකාව
එකසේ දායක විය යුතුයි. මේ තිදෙනා මත ගැටුමක යෙදෙන්නේ නම් දරුවාගේත්, මවගේත්
ජීවිතය අනතුරුදායක තත්ත්වයකට පත්වීම වැළැක්විය නොහැක.
හෙද
නිලධාරීන්ගේ සූතිකා පුහුණුව ලැබිම ජනතාවගේ යහපතට හේතුවක් මිස වෙනත්
අයෙකුගේ රැකියාවක් අහිමි වීමක් නොවේ. නමුත් එම පුහුණුව ලැබිමෙන් වෘත්තීය
වටිනාකම වර්ධනය කරගන්නා හෙද නිලධාරීන් පිළිබඳව ඊර්ෂ්‍යා සහගතව බලා රෝගීවන
වෛද්‍යවරුන්ගේ හදවත් සුවපත් කරන්නට කිසිවෙකු සමත් නොවනු ඇත. අපටද කළ හැකි
එකම දෙය වන්නේ අවස්ථාවාදීන්ගේ උපාය මාර්ගවල පැටලී තම සේවාවේ ගරුත්වය විනාශ
කර නොගන්නා ලෙස සමස්ත පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගෙන් ඉල්ලා සිටීම පමණි. මැයි
12 වෙනි දිනට යෙදී ඇති ජාත්‍යන්තර හෙද දිනය සිටවත් ඔබ යටතේ සේවය කළ වින්නඹු
මාතාව යන උදාර නාමයෙන් හැඳින්වූ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය යළි නිවැරදි
මගට ගෙන සුහදවත් සේවාවක යෙදෙන්නට හැකි වේවායි හෙද නිලධාරීන් වෙත
ප්‍රාර්ථනාවක් සටහන් කර තබමි.
No comments:
Post a Comment