Chinese tourist who fell off World’s End rescued
ලෝකාන්තයේදී චීන ජාතිකයෙක් අනතුරක - මුදවා ගැනීමට බෙල් 212 පිටත් කරයි
ලෝකාන්තය නැරඹීමට ගිය චීන ජාතික සංචාරකයෙකු අනතුරකට ලක්වී ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක වින්ග් කමාන්ඩර් ගිහාන් සෙනවිරත්න මහතා පවසයි .
අද පෙරවරුවේ ලෝකාන්තය නැරඹීමට ගිය චීන ජාතීක සංචාරකයෙකු මෙලෙස අනතුරට පත්වී ඇති අතර ඔහුත් සමඟ ගමන් කළ අනෙකුත් පුද්ගලයින් ඒ සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් කර තිබේ.
ඒ අනුව දියතලාව හමුදා කඳවුරෙන් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් අදාළ ස්ථානය වෙත යොමු කළ බවද වින්ග් කමාන්ඩර් ගිහාන් සෙනවිරත්න මහතා අද දෙරණ සමඟ සඳහන් කළේය.
මේ වන විටත් අදාළ මුදවා ගැනීමේ කටයුතුවල ගුවන් හමුදා විශේෂ ඒකකයක් නිරත වෙමින් පවතින බවද වාර්තා වෙයි.

No comments:
Post a Comment