Thursday, October 13, 2016

රක්ෂිත 2ක් ගිනි ගනියි


ගම්පොළ ප්‍රදේශයේ කැලෑවක ගින්නක් හටගෙන තිබේ.

මහනුවර නගර සභා ගිනි නිවීම් නිලධාරීන්, පොලීසිය හා ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩ පවත්වා ඇති බව සඳහන්ය.

ගින්නෙන් අක්කර 05ක පමණ ප්‍රදේශයක් විනාශ වී ඇති අතර ජීවිත හානි හෝ දේපල හානි කිසිවක් සිදුව නොමැත.

මේ අතර මොණරාගල, තෙනගල්ලන්ද කැලෑ ප්‍රදේශයේද ගින්නක් හටගෙන තිබේ.

පොලීසිය හා ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩ පවත්වා ඇති අතර ගින්නෙන් අක්කර 04ක භූමි ප්‍රදේශයක් විනාශ වී ඇති බව පොලීසිය පැවසුවේය.

No comments:

Post a Comment