Monday, October 10, 2016

අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක දී ත්‍රීරෝද රථයක් දුම්රියක ගැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.






කුරුණෑගල, අරලිය උයන ප්‍රදේශයේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක දී ත්‍රීරෝද රථයක් දුම්රියක ගැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.

කොළඹ සිට යාපනය බලා ධාවනය වූ දුම්රියක අදාළ ත්‍රීරෝද රථය ගැටීමෙන් අද (10) දහවල් මෙම අනතුර සිදුවී ඇති බව වැල්ලව පොලීසිය පැවසුවේය.

අනතුරෙන් ත්‍රීරෝද රථයේ ගමන් ගත් පාසල් ළමුන් දෙදෙනෙකු තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇත.

අදාළ දුම්රිය හරස් මාර්ගයේ සේවය සඳහා සේවකයින් තිදෙනෙකු යොදවා තිබුණ ද වැටුප් නොගෙවීම හේතුවෙන් ඔවුන් කිසිවෙකුත් අද (10) රාජකාරියට පැමිණ නොමැති බව වාර්තා වෙයි.

No comments:

Post a Comment