Wednesday, October 5, 2016

scores highest at Scholarship exam 2016 පහේ පළමු තැන මාතරට - දිස්ත්‍රීක් කඩඉම් ලකුණු මෙන්න


පහේ පළමු තැන මාතරට - දිස්ත්‍රීක් කඩඉම් ලකුණු මෙන්න

මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් දිවයිනේ පළමු තැන හිමිකර ගැනීමට මාතර මෙතොදිස්ත විදුහලේ එස්. නිරාන් සමරවික්‍රම සිසුවා සමත්ව තිබේ.

ඔහු ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 196කි.

එසේම ලකුණු 195ක් ලබාගත් කුලියාපිටිය අස්සැද්දුම සුභාරතී කණිෂ්ට විද්‍යාලයේ රුවන්යා මෙත්මිණී ගුණසේකර සිසුවිය සහ වව්නියාව රම්බේකුලම් රජයේ මහා විද්‍යාලයේ කෝකුලතාසන් අභිසිගන් සිසුවා දෙවන ස්ථානයට පත්ව ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

ලකුණු 194 බැගින් ලබාගත් සිසු සිසුවියන් 09 දෙනෙකු තෙවන ස්ථානයට පත්ව ඇත.

කෑගල්ල. දැදිගම ප්‍රාථමික විද්‍යාලයේ නදිනි සඳෙස්නා රාජපක්ෂ.

කුලියාපිටිය අස්සැද්දුම සුභාරතී කණිෂ්ඨ විද්‍යාලයේ තේජන කෞසිත් විජේකෝන්.

කුරුණෑගල ඉබ්බාගමුව ආදර්ශ මහා විද්‍යාලයේ නෙත්මි සුබෝධිනී.

ත්‍රිකුණාමලය ශ්‍රී කෝනේෂ්වර හින්දු විද්‍යාලයේ උදයරාජන් කෝෂිකන්

කුලියාපිටිය. ගිරිඋල්ල වික්‍රමශීලා මධ්‍ය මහා විද්‍යාලයේ සෙනිත් දිල්වාන් රාජපක්ෂ.

වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලයේ ඉනේෂ් දුලංජන චන්ද්‍රසිරි.

හොරණ රාජකීය විද්‍යාලයේ ලිසඳි ඉමෙත්මා හඳපාන්ගොඩ.

කඩුවෙල බෝමිරිය මුනිදාස කුමාරතුංග කනිෂ්ඨ විද්‍යාලයේ රෙහාරා බිනෝලි.

යාපනය හින්දු ප්‍රාථමික විද්‍යාලයේ උමාශංකර් ජයෙණි යන සිසු සිසුවියන් ද තෙවන ස්ථානයට පත්ව තිබේ.


මේ අතර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්වයේ දිස්ත්‍රීක් පදනම මත කඩඉම් ලකුණු ද නිකුත් කර තිබේ.

ඒ අනූව කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල  කඩඉම් ලකුණු 159ක් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

හම්බන්තොට, පුත්තලම, රත්නපුර යන දිස්ත්‍රික්ක වල කඩඉම් ලකුණු 156ක් වන අතර අනුරාධපුර පොළොන්නරුව හා මුලතිව් දිස්ත්‍රික්ක තුනෙහි කඩඉම් ලකුණු වන්නේ 154ක් බව සඳහන්ය.

බදුල්ල දිස්ත්‍රික්කයේ කඩඉම් ලකුණු 153ක් වන අතර හා මොණරාගල හා අම්පාර දිස්ත්‍රික්ක වල කඩඉම් ලකුණු 152ක් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ කඩඉම් ලකුණු සංඛ්‍යාව 151කි.

වව්නියාව දිස්ත්‍රික්කයේ  කඩඉම් ලකුණු වන්නේ 142ක් වන අතර එය අවම කඩඉම් ලකුණු සංඛ්‍යාව බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.

පහත දැක්වෙන්නේ 2016 අගෝස්තු මස 21දා පැවැති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ එක් එක් දිස්ත්‍රීක්කවල සිංහල හා දෙමළ මාධ්‍ය කඩඉම් ලකුණුය.







No comments:

Post a Comment