කිරිඳිවැල - හංවැල්ල ප්රධාන මාර්ගයේ පල්ලේගමුව හන්දිය ප්රදේශයේ සිදුවු අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.
හංවැල්ල දෙස සිට නිට්ටඹුව දෙසට ධාවනය වු යතුරුපැදියක පදිකයෙකු ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.
අනතුරෙන් බරපතළ තුවාල ලැබු පදිකයා කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ 75 හැවිරිදි පැපිලියවෙල, පල්ලේගම ප්රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි.
No comments:
Post a Comment