ලිබියාවට ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් යැවීම වහාම අත්හිටුවීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය තීරණය කර තිබේ.
එම කාර්යංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ ලිබියාවේ පවතින වත්මන් වාතාවරණය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බවයි.
විදේශ කටයුතු අමාත්‍යංශයෙන් ලබා ගත් තොරතුරු මත ශ්‍රමිකයින් ලිබියාවට යැවීම අත්හිටුවීමට ක්‍රියා කළ බව එහි සඳහන්ය.
ඒ අනුව ඒජන්සි මාර්ගයෙන් හෝ වෙනත් මාර්ගයකින් ලිබියාවේ රැකියා සදහා පිටත්වයාම අත්හිටුවනු ඇත.
ලිබියාවේ දැනට පවතින ගැටුම්කාරී වාතාවරණය යහපත් අතට පත් වුවහොත් ශ්‍රමිකයින්ට නැවත ලිබියාවට යෑම සඳහා වීසා නිකුත් කරන බව විදේශ සේවා නියුක්ති කාර්යංශය වැඩිදුරටත් පවසයි.
No comments:
Post a Comment