Thursday, April 17, 2014

දකුණු ආසියාතික යෞවන හා මානව හිමිකම් සමුළුව 25දා

දකුණු ආසියාතික යෞවන හා මානව හිමිකම් සමුළුව 25දා 
2014 වසරේ දකුණු ආසියාතික යෞවන හා මානව හිමිකම් පිළිබඳ සමුළුව ලබන 25 වන දින කොළඹ දී ආරම්භ වීමට නියමිතව තිබේ.

මානව හිමිකම් පිළිබද අධ්‍යාපනය හා අබෝධය ලබාදීම පදනම් කර ගනිමින් දින 03ක් පුරා මෙම සමුළුව පැවැත්වීමට නියමිත බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

සමුළුවේ සමාරම්භක උළෙල බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ආචාර්ය ක්‍රිස් නෝනිස් මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 25 වනදින නෙළුම්පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

යුත් ෆෝ හියුමන් රයිට්ස් අන්තර්ජාතික සංවිධානයේ සභාපතිනි ආචාර්ය මේරි ශට්ල්වර්ත් මහත්මිය සහ මෙරට මැති ඇමතිවරුන් මෙන්ම ජාතික සහ ජාත්‍යන්තර තලයේ තාරුණ්‍යය නියෝජනය කරමින් සියයකට අධික පිරිසක් සමුළුව සඳහා සහභාගි වීමට නියමිතය.

No comments:

Post a Comment