Friday, April 18, 2014

ගිළුණු නැවේ කපිතාන්ට දොස් මුරයක් - 270ක් තාමත් අතුරුදන්

ගිළුණු නැවේ කපිතාන්ට දොස් මුරයක් - 270ක් තාමත් අතුරුදන්අනතුරට ලක් වු දකුණු කොරියාවේ නෞකාවේ සිටි මගීන් බේරාගැනීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් නෞකාවේ කපිතාන් ඇතුළු නිලධාරී මණ්ඩලයට චෝදනා එල්ල වී තිබේ.

නෞකාව මුහුදේ ගිළීම ආරම්භ වු පසු ප්‍රථමයෙන් නෞකාව හැරගිය පිරිස අතර එහි කපිතාන් ලී.ජූන් සියොක් සහ කාර්යය මණ්ඩල නිලධාරීන් හය දෙනෙකු වන බව සඳහන්ය.

මේ හේතුවෙන් අනතුරට පත් වු නෞකාවේ ගමන්ගත් මගීන් 287 දෙනෙකුගේ පවුල්වල ඥාතීන් කපිතාන්වරයා ගත් මෙම ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය සහ කෝපය පළ කර ඇත.

මේ අතර ගිළුණු නෞකාවේ බඳට ඇතුළු වීම සඳහා ඊයේ දිනයේ සිට අවස්ථා 10කදී පමණ නාවුක කිමිදුම්කරුවන් උත්සාහ කළ ද පැවති අයහපත් කාලගුණය හේතුවෙන් එම මෙහෙයුම් ව්‍යවර්ථ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේය.

සෝදිසි මෙහෙයුම්වලදී සොයාගත් මළ සිරුරු ගණන 26ක් දක්වා ඉහළ ගොස් ඇති අතර තවමත් පාසල් සිසුන් ඇතුළු පුද්ගලයින් 270 දෙනෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වේ‍.

නෞකාව මුහුදු පතුලේ පිහිටි පර්වතයක ගැටීමෙන් අනතුර සිදුවන්නට ඇති බවට ද විචාරකයින් මත පළකරමින් සිටියි.

No comments:

Post a Comment