සමගි සන්ධානය මෙන්ම වගවීමේ ක්‍රියාවලිය සඳහා යහපත් ලෙස කැපවන්නේ නම් නැවතත් ශ්‍රී ලංකාව සමග පුළුල් ලෙස ආරක්ෂක සබඳතා තරකර ගැනීම කෙරෙහි අවධානය යොමුකරන බව අමෙරිකාව පවසයි.
දකුණු හා ආසියාතික කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර ලේකම් නිෂා බිස්වාල් මහත්මිය මේ බව ප්‍රකාශ කළාය.
ශ්‍රී ලංකා රජය එරට පැවැති සිවිල් යුද්ධය වාසනාවන්ත ලෙස ජයගනු ලැබුවද සමගි සන්ධාන ක්‍රියාවලිය යතාර්ථයක් කර ගැනීමේ ගැටලුවට මුහුණ පා සිටින්නේ යැයි බිෂාවල් මහත්මිය හාවඩ් සරසවියේදී කියා සිටියාය.
ඉකුත් මාර්තු මාසයේදී ජිනීවා මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් වූ යෝජනාවට අනූව ලක් රජය වගවීමේ ක්‍රියාවලිය හා අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කිරීම සඳහා විශ්වාසනීය ලෙස කැපවිය යුතු බවද ඇය අවධාරණය කර තිබේ.
No comments:
Post a Comment