Thursday, April 17, 2014

ජයශ්‍රී මහා බෝධියේ බාධකය මීටර් 500ක් දුරකට යවයි

ජයශ්‍රී මහා බෝධියේ බාධකය මීටර් 500ක් දුරකට යවයිඅනුරාධපුර ජයශ්‍රී මහා බෝධියේ සිට මිටර් 500ක් ඇතුළත ප්‍රදේශය රථ වාහන වලින් තොර කලාපයක් ලෙස පවත්වාගෙන යා යුතු බවට ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව නිර්දේශ කර තිබේ.

එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශය වෙත යොමු කළ ලිපියකින් මෙම නි‍ර්දේශය කර ඇතැයි සඳහන්ය.

රථ වාහන වලින් පිටවන දුමාරය හේතුවෙන් අනුරාධපුර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට නුදුරේ දී අනතුරක් සිදුවිය හැකි බවට එම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු විසින් ජනාධිපතිවරයාට සහ ආරක්ෂක ලේකම්වරයාට මීට පෙර ලිඛිතව දැනුම් දී තිබූ බව පැවසේ.

අදාළ දැනුම්දීමට අනුව ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව විසින් මධ්‍යම පරිසර අධිකාරිය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ වායු දූෂණය පිළිබඳ විද්‍යාඥයින්ගේ සහයෝගයෙන් විමර්ශන සිදුකර ඇත.

එහිදී තහවුරු වි ඇත්තේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ සමීපයෙ හි රථවාහන විශාල සංඛ්‍යාවක් එහා මෙහා වීම තුළ ඇති වන වායු දූෂණය මගින් ජයශ්‍රී මහා බෝධියට බලපෑම් එල්ල වන බවයි.

ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා මාන කිරීම සඳහා පැමිණෙන මහ ජනතාව උදෙසා ස්ථාපිත කර තිබු රථ ගාල මීටර් 800ක පමණ දුරින් පිහිටා තිබු අතර මේ වන විට මීටර් 400ක් ඇතුළත නව රථගාලක් ඉදි කෙරෙමින් පවතින බව සඳහන්ය.

නව රථ ගාල මගින් ජයශ්‍රී මහා බෝධියට බලපෑමක් සිදුවිය හැකි බව පවසන උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව පෙන්වා දී ඇත්තේ රථගාල මීටර් 500ක අවම දුරකින් ස්ථාපිත කිරීමට පියවර ගත යුතු බවයි.

No comments:

Post a Comment