Friday, April 25, 2014

මැලේසියා ගුවන් යානය අතුරුදන්වීමේ භීතිය ඕස්ට්‍රේලියාවේදී හොල්මන් කරයි

02පසුගියදා අතුරුදන්වූ මැලේසියානු ගුවන් යානය පිළිබඳව තවමත් හෝඩුවාවක් නොලැබීම හමුවේ ගුවන් මගීන් මෙන්ම ගුවන් නියමුවන්ද මේ වනවිට සිටින්නේ ගුවන් යානා පැහැර ගැනීම පිළිබඳව දැඩි භීතියකිනි.
බ්‍රිස්බේන් සිට අද ගමන් ඇරඹූ වර්ජින් ගුවන් සේවයට අයත් Boeing 737-800 ගුවන් යානයේ නියමු කුටියට මගියෙකු කඩා වැදීමට ගත් උත්සාහය ගුවන් යානය පැහැර ගැනීමට කරන තැතක් ලෙස ගුවන් නියමුවා සිතීමෙන් සිදුවූ අකරතැබ්බයක් පිළිබඳව අද වාර්තා විය.
මෙහිදී, ගුවන් නියමුවා විසින් ගුවන් යානය පැහැර ගනිමින් සිටින බව දැනුම් දීමෙන් පසුව යානය ඉන්දුනීසියාවේ බාලි ගුවන් තොටුපොළට ගොඩ බස්සවා තිබෙන්නේ දැඩි ආරක්ෂිත රැකවල් මධ්‍යයේයි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ බාලි ගුවන් තොටුපොළ වසාදමා විශාල ආරක්ෂක වාහන ප්‍රමාණයකින් වටකර මෙම ගුවන් යානය අසලට ඉන්දුනීසියානු ආරක්ෂක අංශ පැමිණුනු බවයි.
කෙසේවෙතත්, අවසානයේදී තහවුරු වී තිබෙන්නේ මෙය යානයේ සිටි බීමත් පුද්ගලයෙකු අධික බීමත් කමින් කළ විකාර රූපී රංගනයක් බවයි. මෙම පුද්ගලයා අධික ලෙස මත්පැන් පානය කර සිටි නිසා අවසිහියෙන් ගුවන් යානා කුටියට ඇතුළු වීමට උත්සාහ ගෙන තිබෙන බවත් ගුවන් නියමුවා එය වැරදි ලෙස තේරුම්ගෙන තිබෙන බවත් පසුව වාර්තා විය.
මෙම බීමත් පුද්ගලයා බාලි පොලීසිය විසින් කුදලාගෙන ගොස් තිබේ.
මේ පිළිබඳව වර්ජින් ගුවන් සේවයේ බළධාරීන් පවසා තිබෙන්නේ මෙය සන්නිවේදනයේදී සිදුවූ වරදක් නිසා වූ සිද්ධි දාමයක් බවයි.
වර්ජින් ගුවන් සේවය ඕස්ට්‍රේලියාවේ දෙවන විශාලතම ගුවන් සමාගමයි.
hijack

No comments:

Post a Comment