පච්චය නිසා පිටුවහල් කළ කතගෙන් බලධාරීහු සමාව ඉල්ලති
තම අත් බාහුවේ බුදු රුවක් සහිත පච්චයක් කොටා තිබීම නිසා
රටින් පිටුවහල් කළ බ්‍රිතාන්‍ය කාන්තාවගෙන් ශ්‍රී ලංකා සංචාරක බලධාරීන්
සමාව ඉල්ලා තිබේ.
ඇයට සිදු වූ අපහසුතාවය ගැන පසුතැවිලි වන බවත්
සංචාරයක් සඳහා නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට අවශ්‍ය නම් ඒ සඳහා යන වියදම ලබා
දීමට සුදානම් බවත් බලධාරීහු ප්‍රකාශ කරති.
පිටුවහල් කිරීමට ලක් වූ තිස් හත් හැවිරිදි නයෝමි
කොලමන් කියා සිටියේ තමන්ද බෞද්ධයෙකු වන බැවින් බුදු දහමට නිගා කිරීමේ
චේතනාවක් නොතිබුණු බවයි.
නමුත් තමාට අපරාධකාරයෙකුට මෙන් සැලකූ බවද ඇය කියා සිටියා.
පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද මෙම
බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව උසාවියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පිටුවහල් කරන
තුරු රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා තිබුණි.
No comments:
Post a Comment