අතුරුදහන් වූ ගුවන් යානය සොයා ගැනීම සඳහා ප්‍රථම වතාවට රොබෝ සබ්මැරීනයක් යොදා ගැනීමට තීරණය කර තිබේ.
මෙම රොබෝ සබ්මැරීනය මගින් යානයේ කළු පෙට්ටියෙන්
නිකුත් වූ බවට විශ්වාස කෙරෙන සංඥා තරංග ග්‍රහණය කර ගත් ප්‍රදේශයේ මුහුදු
පතුල නිරීක්ෂණය කෙරෙයි.යානයේ කළු පෙට්ටියේ පවතින බැටරිවල ජීව කාලය මේ වන විට අවසන් වී තිබිය හැකි බවයි මෙහෙයුම් සම්බන්ධීකාරක ඇන්ගස් හූස්ටන් කියා සිටියේ.
තෙල් පැල්ලමක්
දැනට සෝදිසි මෙහෙයුම් සිදු කෙරෙන සාගර කලාපයේ දිය මත තෙල් පැල්ලමක් ද පවතින බව ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.නමුත් මෙම තෙල් MH370 යානයෙන් පිට වූයේද යන්න තහවුරු කර ගැනීම සඳහා තව දින කිහිපයක් ගත විය හැකි බව බලධාරීහු පවසති.
MH370 මැලේසියානු ගුවන් යානය ක්වාලාලම්පුර් සිට බීජිං නුවර බලා පියාසර කරමින් සිටියදී අතුරුදහන් වූයේ මාර්තු අට වැනිදායි.
ගුවන් යානයේ ඇති පටිගත කිරීමේ යන්ත්‍ර මගින් නිකුත් කළේ
යැයි අනුමාන කළ හැකි තවත් නව සංඥා දෙකක් හඳුනාගැනීමට හැකිවී ඇති බව
අතුරුදහන් වූ මැලේසියානු ගුවන් යානය සෙවීමේ සෝදිසි මෙහෙයුම් වල නිරත වී
සිටින ඔස්ට්‍රේලියානු සම්බන්ධීකාරකවරයා පවසයි.
“ඕෂන් ශීල්ඩ්” නම් ඕස්ට්‍රේලියානු නාවික යාත්‍රාව
විසින් ඇදගෙන යනු ලබන දෝංකාර හඬ ආධාරයෙන් සංඥා නිකුත්වන ස්ථානය හඳුනාගන්නා
උපකරණයක් මගින් මෙසේ නව සංඥා දෙකක් ග්‍රහණය කරගත් බව සම්බන්ධීකාරක ඇන්ගස්
හුස්ටන් පැවසුවේය.මිනිත්තු පහයි තත්පර තිහක් සහ මිනිත්තු හතක කාලයක් දිගු වූ එම සංඥා හඳුනාගතහැකි තත්වයේ පවතින පැහැදිළි ස්ථාවර සංඥා බවයි පැවසෙන්නේ.
සති අන්තයේදී හඳුනාගත් සංඥා දෙක ඇතුළුව මේ සංඥා හතර මගින් සෝදිසි මෙහෙයුම් කළ යුතු ප්‍රදේශය පටු කර ගැනීමට හැකිවනු ඇතැයි යන්න අපේක්ෂාවයි.
තමන් සෝදිසි කරන්නේ නිවැරදි ප්‍රදේශයේ බව විශ්වාස කරන අතර සුන්බුන් කිසිවක් සොයාගන්නා තුරු මෙය ගුවන් යානය අවසන් වරට පැමිණි ස්ථානය යැයි නිගමනය කළ නොහැකි බවද සම්බන්ධීකාරකවරයා ප්‍රකාශ කළේය.
No comments:
Post a Comment