Sunday, April 13, 2014

එල්ටීටීඊ සැකකරුවන් තිදෙනා ගේ මළසිරුරු මිහිදන් කෙරේ

පදවිය ප්‍රදේශයේ දී යුද හමුදා වෙඩි තැබීමෙන් මිය ගිය සෙල්වනායගම් කජීපන් හෙවත් ගෝපි, සුන්දරලිංගම් හෙවත් තේවියන් සහ නවරත්නම් නවදීපන් හෙවත් අප්පන් යන එල්ටීටීඊ සැකකරුවන් තිදෙනා ගේ මළසිරුරු අද අනුරාධපුරයේ දී රජයේ වියදමින් සිදු කෙරිණ .
ඔවුන්ගේ ඥාතීන් මළ සිරුරු හඳුනා ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරි අජිත් රෝහණ ප්‍රකාශ කළේ.

අවසන් කටයුතු සිදුකිරීම පිණිස ඥාතීන්ට පහසුකම් සැලසූ බවත් ඔහු පැවසුවේය.
පශ්චාත් මරණ පරීක්ෂණ කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත්වරයාගේ නියෝග මත අනුරාධපුර මහා රෝහලේ දී විශේෂඥ වෛද්‍ය නිලධාරියා විසින් සිදු කළ බවයි ඔහු සඳහන් කළේ.
පශ්චාත් මරණ පරීක්ෂණයට සහභාගි වීම සඳහා ත්‍රිකුණාමලයේ සිට පැමිණි මිය ගිය ගෝපිගේ මාමා වන එස්. බාලගුරුධරන් කියා සිටියේ තම බෑනා ගේ මළ සිරුර ලබා දෙන ලෙස පොලීසියෙන් ඉල්ලා සිටියත් ත්‍රස්තවාදී ක්‍රියාවක් හේතුවෙන් ඔහු මිය ගොස් ඇති නිසා මළ සිරුර තමා වෙත බාර දීමට නොහැකි බව පොලීසිය පැවසූ බවයි.
ගෝපිගේ මරණයෙන් පසු තම පවුල අනාථ භාවයට පත්වූවා පමණක් නොව සමාජයෙන් එල්ල වන නින්දා හා අපහාස මෙන්ම ආරක්ෂක අංශ වල බලපෑම ද මේ වන විට වැඩි වී ඇති බවයි එස්. බාලගුරුධරන් තවදුරටත් කියා සිටියේ.

No comments:

Post a Comment