අද උදෑසන 06න් අවසන් වූ පැය 24ක කාලය තුළ දිවයිනේ ප්රදේශ කිහිපයක
සිදුකරන ලද වැටලීම් වල දී බීමතින් රිය ධාවනය කළ රියදුරන් 211 දෙනෙකුට
එරෙහිව නඩු පවරා තිබේ.
උත්සවය සමය නිමිත්තෙන් පොලිස් මූලස්ථානය දිවයිනේ සියලූම ප්රදේශ ආවරණය වන පරිදි බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා පසුගිය 10වනදා සිට විශේෂ වැටලීම් ආරම්භ කළේය.
ඒ අනුව වැටලීම් ආරම්භ කළ දිනයේ සිට මේ දක්වා කාළය තුළ බීමතින් රිය ධාවනය කළ රියදුරන් 379 දෙනෙකුට එරෙහිව නඩු පවරා ඇති බව පොලිස් මූලස්ථානය පැවසුවේය.
බීමතින් රිය ධාවනය කිරීම හේතුවෙන් යතුරුපැදිකරුවන් 208දෙනෙකුට එරෙහිවත්, ත්රිරෝද රථ රියදුරන් 125 දෙනෙකුට එරෙහිවත් වෙනත් වාහන රියදුරන් 43දෙනෙකුට එරෙහිවත් නඩු පවරා ඇත.
මෙහිදී මගී ප්රවාහන බස් රථ රියදුරන් තිදෙනෙකුට එරෙහිව ද නඩු පවරා තිබේ.

No comments:
Post a Comment