ශ්‍රී ලාංකිකයන් සිය ගණනක් මැඩගස්කරයේ ස්ථිරව පදිංචි වී
මහා පරිමාණයෙන් මැණික් ව්‍යාපාරයේ නිරත වී සිටින බව ශ්‍රී ලාංකික මැණික්
ව්‍යාපාරිකයෝ පවසති.
මැඩගස්කරයේ මැණික් ඉල්ලම් පිළිබඳව තමන්ට මුලින්ම
ආරංචි වූයේ 1999 දී බව බීබීසී සංදේශයට කියා සිටි රත්නපුර කහවත්තේ පදිංචි
මැණික් ව්‍යාපාරිකයෙක් වන එම්ආර්එම්කේ නිෂාම්, ඉන් අනතුරුව 2000 දී තමන්ද
එහි සංචාරයක නිරත වූ බව සඳහන් කළේය.ශ්‍රී ලාංකිකයන් මැඩගස්කරයේ මැණික් කර්මාන්තයට පිවිසීමත් සමග ඒ වනවිට එහි පැවති ඉතා ප්‍රථමික මට්ටමේ වූ මැණික් ගැරීමේ ක්‍රමෝපායන් වෙනුවට වසර දහස් ගණනක් ඈත අතීතයට දිවයන ශ්‍රී ලාංකිකයන්ටම ආවේනික වූ පාරම්පරික ක්‍රමවේදයන් හඳුන්වා දීමට හැකි වූ බවද ඔහු පැවසීය.
ඉතා සුළු පරිමාණයෙන් කෙරුණු මැණික් ගැරීම නිසා මුල් යුගයේදී මැඩගස්කරයට ගිය ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන්ට ඉතාමත් අඩු මිලකට මැණික් මිළදී ගැනීමට හැකිවුනු බවත් මැණික් ව්‍යාපාරික එම්ආර්එම්කේ නිෂාම් සංදේශයට කියා සිටියේය.
'දුෂ්කර ගමනක්'
පින්ක් සපයර් වශයෙන් මැණික් ව්‍යාපාරිකයින් හඳුන්වන රතු මැණික් වලට වඩා මැඩගස්කර රතු මැණික් හැඩයෙන් පැතලිය. එබැවින් එම මැණික් වෙළඳපොලේ විකිණෙන්නේ සාපේක්ෂව අඩු මිලකට.ඊට අමතරව ශ්‍රී ලංකාව තුලදී රුපියල් දශ ලක්ෂයක් පමණ මිළකට අලවි වන ගෙවුඩ හා නිල් වැනි වටිනාකමින් වැඩි මැණික් මැඩගස්කරයේදී රුපියල් විසිපන්දහසක්, පනස්දහසක් වැනි මිලකට මිළදී ගැනීමට හැකියාව ලැබෙන බවත් ව්‍යාපාරික නිෂාම් පවසයි.
මුරිසි දිවයිනේ සිට මැඩගස්කරයේ ඇන්ටනනරිවෝ අගනුවරට ළඟාවන ශ්‍රී ලාංකිකයෝ තවත් සැතපුම් අට සියයක් පමණ ගෘහස්ත මගී යානයකින් රට අභ්‍යන්තරයට පියාසර කොට තුරියාර් නගරයට පිවිසෙති.
එතැන් සිට දුෂ්කර මාර්ග ඔස්සේ තවත් සැතපුම් සියයක් පමණ ගමන් කරන ඔවුන්, ඉන් අනතුරුවයි ගමනාන්තය වන මිලාකකා ප්‍රදේශයට ලඟා වන්නේ.
වසරකට දෙවරක් හෝ තුන්වරක් මෙසේ මැඩගස්කරය බලා මැණික් ගැරීමට යන ව්‍යාපාරිකයින් පවසන්නේ අදාළ ගමනේදී තමන්ට මහත් වූ දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවන බවයි.
No comments:
Post a Comment