යතුරු පැදියක් පැදිකරුට පාලනය කරගැනීමට නොහැකිවී මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.
අනතුරෙන් බරපතළ තුවාල ලැබු යතුරු පැදිකරු තලාව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.
මියගොස් ඇත්තේ සිංහාරගම, නොච්චියාගම ප්‍රදේශයේ පදිංචිව සිටි 47 හැවිරිදි පුද්ගලයෙකි.
අනතුර සම්බන්ධයෙන් තලාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
No comments:
Post a Comment