පොලිස්පති - මහජන සහන දිනය මෙම සතියේ නොපැවැත්වෙන බව පොලිස් මුලස්ථානය දන්වා සිටියි.
සෑම සතියකම සිකුරාදා දිනයේ පොලිස්පති මහජන සහන දිනය පොලිස් මුලස්ථානයේ දී පැවැත්වෙයි.
කෙසේ වෙතත් ලබන සිකුරාදා (18) දිනට මහ සිකුරාදා දිනය යෙදී ඇති බැවින් එදිනට පොලිස්පති මහජන සහන දිනය නොපැවැත්වෙන බව පොලිස් මුලස්ථානය දැනුම්දෙයි.
ලබන 25 වන සිකුරාදා දිනයේ සුපුරුදු පරිදි මහජන සහන දිනය පැවැත්වෙන බව ද මුලස්ථානය දන්වා සිටියි
No comments:
Post a Comment