Wednesday, April 16, 2014

ශ්‍රී ලංකාවට එරෙහිව මුදල් කපාහැරීම ගැන මහලේකම්ගෙන් නිවේදනයක්

 ශ්‍රී ලංකාවට එරෙහිව මුදල් කපාහැරීම ගැන මහලේකම්ගෙන් නිවේදනයක්පොදුරාජ්‍ය මණ්ඩලය සඳහා ලබා දීමට නියමිත අරමුදල් කපා හැරීමට කැනඩා රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කලකිරීමට පත්වන බව පොදුරාජ්‍ය මණ්ඩලයීය මහලේකම් කමලේෂ් ශර්මා මහතා පවසයි.

එසේ වුවද අදාළ අරමුදල ඉදිරියේ දී නැවත ලබා ගැනීමට බලාපොරොත්තු වන බව නිවේදනයක් නිකුත් කරමින් මහලේකම්වරයා පෙන්වා දෙයි.

පොදුරාජ්‍ය මණ්ඩලයේ වත්මන් සභාපතීත්වය දරන ශ්‍රී ලංකාවට විරෝධය පළ කරමින් කැනඩාව විසින් පොදුරාජ්‍ය මණ්ඩලය සඳහා ලබා දීමට නියමිතව තිබු අමෙරිකානු ඩොලර් මිලියන 20 ක මුදලක් කපාහැරීමට තීරණය කළ බව ඊයේ නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබුණි.

ඉදිරි වසර 02 සඳහා පොදුරාජ්‍ය මණ්ඩලයට ලබාදෙන අරමුදල් කැනඩානු රජය විසින් මෙලෙස කපාහැර තිබේ.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝණයවීමෙහිලා තත්ත්වය මුල් කර ගනිමින් අදාළ අරමුදල් සැපයීම අත්හිටුවීමට තීරණය කළ බව කැනේඩියානු විදේශ අමාත්‍ය ජෝන් බෙයාඩ් මහතා සඳහන් කළේය.

පොදුරාජ්‍ය මණ්ඩලයේ සභපතීත්වය දරන ශ්‍රී ලංකාවට වගවීම, දේශපාලනික සංහිඳියාව සහ මානව හිමිකම් සම්බන්ධයෙන් ඵලදායී ක්‍රියාමාර්ග ගැනීමට යුතුකමක් පවතින බවද ඔහු එහිදී පෙන්වාදී තිබේ.

කෙසේ වෙතත් කැනේඩියානු රජයේ අදාළ තීරණය පිළිබද නිවේදනයක් නිකුත් කරමින් පොදුරාජ්‍ය මණ්ඩලයීය මහලේකම් කමලේෂ් ශර්මා මහතා කියා සිටින්නේ අදාළ තීරණය සම්බන්ධයෙන් නැවත සලකා බලන ලෙස ඉල්ලීමක් කරන බවයි.

No comments:

Post a Comment