පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර කාන්තාවන් සඳහා වෙන් වූ
ආගමික පාසලක පුස්තකාලය අල් කයිඩා සංවිධානයේ හිටපු නායක ඔසාමා බින් ලාඩන්
වෙනුවෙන් නම් කොට තිබේ.
ඇමෙරිකානු කමාන්ඩෝ භටයන් විසින් 2011 දී මරා දමන
ලද බින් ලාඩන් ඉස්ලාම් ධර්මය වෙනුවෙන් දිවි පිදූ වීරයකු ලෙසිනුයි, පාසලේ
ප්රකාශකයෙක් විස්තර කළේ.එම පාසල පවත්වාගෙන යනු ලබන්නේ නගරයේ රතු පල්ලියේ ඉමාම්වරයා වන රැඩිකල් මතධාරී මවුලානා අබ්දුල් අසීස් විසින්.
රැඩිකල් ඉස්ලාම් භක්තිකයන් සහ හමුදාව අතර 2007 වර්ෂයේදී රතු පල්ලියේදී සතියක් මුළුල්ලේ පැවති ගැටුම්වලින් සියයකට අධික පිරිසක් මරා දමනු ලැබිණ.
එයින් කුපිත වූ පාකිස්තාන සන්නද්ධ කණ්ඩායම් ඉන් අනතුරුව ප්රහාර මාලාවක්ම එල්ල කළහ.
No comments:
Post a Comment