ජාත්‍යන්තර මිහිතල දිනය අදට යෙදී තිබේ.
“පියකරු නගරයක් තුළින් හරිතාගාර නගරයක්කරා“ යන්න මෙවර මිහිතල දිනයේ තේමාව වී තිබේ.
ජාත්‍යන්තර මිහිතල දිනය නිමිත්තෙන් පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
ඒ යටතේ වනාතවිල්ලුව නගරය හරිත නගරයක් ලෙස ගොඩනැගීමේ වැඩපිළිවෙළ අද දිනයේ ආරම්භ කිරීමට නියමිතය.
හරිත නගර සංකල්පය ප්‍රධාන අංග 4ක් යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේය.
බලශක්තිය, ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය, හරිත ඉදිකිරීම් සහ ප්‍රවාහනය යන අංග හතර ඔස්සේ හරිත නගරය නිර්මාණය කිරීම සිදුකිරීමට නියමිතය.
No comments:
Post a Comment