ආණමඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කොට්ටුකච්චිය - වඩත්ත ගම්මානයේ නිවාස 06 කට සුළඟ හේතුවෙන් හානි සිදු වී තිබේ.
මේ අතර කල්පිටිය ධීවර වරායේ නවතා තිබූ ධීවර බෝට්ටු 07 කටද සුළඟ හේතුවෙන් හානි සිදුවී ඇත.ඉන් එක් බෝට්ටුවකට පුර්ණ හානි සිදුවී ඇති අතර සෙසු බෝට්ටු වලට අර්ධ හානි සිදුවී ඇති බව වාර්තා වෙයි.
සුළඟ හේතුවෙන් සිදුවී ඇති අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති අතර දැඩි සුළඟ හේතුවෙන් ජීවිත හානි හෝ තුවාලකරුවන් සම්බන්ධයෙන් 22 වැනිදා රාත්‍රීය වන තුරු වාර්තා වී නැති බව අප කළ විමසුමකදී පුත්තලම අපදා කළමණාකරණ ඒකකයේ නිලධාරියෙකු පැවසීය.
No comments:
Post a Comment