වයස අවුරුදු 08 ක් වන බාල වයස්කාර පාසල් සිසුවියක ලිංගික අපයෝජනයට ලක් කළ
බව කියන සැකකරුවෙකු වස පානය කිරීම හේතුවෙන් හලාවත මහා රෝහලට ඇතුළත් කර
තිබේ.
අතවරයට ලත්ව ඇත්තේ මුන්දලම - අගුණවිල,කුඩා කුඹුක්කඩවල පදිංචිකාරියක වන 08 හැවිරිදි පාසල් සිසුවියකි.
අතවරයට පත්ව ඇති දැරිය බිත්තර ගෙන ඒම සඳහා සැකකරුට අයත් වෙළඳසැලට ගොස් ඇති
අතර බිත්තර දීම සඳහා යයි කියමින් දැරිය වෙළඳසැල තුළට ගෙන ඇති සැකකරු ඇයව
කාමරයකට ගෙන ගොස් අපයෝජනයට ලක් කර ඇත.
තමන් මුහුණ දුන් අත් දැකීම දැරිය නිවසට ගොස් තම මවට පවසා ඇති අතර ඒ අනුව මව විසින් මේ බව මුන්දලම පොලීසියට පැමිණිලි කර තිබේ.
බාලවයස්කාර දැරියක අපයෝජනය කළ බවට තමන්ට එරෙහිව මුන්දලම පොලීසියේ
පැමිණිල්ලක් ඇති බව දැන ගෙන ඇති සැකකරු වස පානය කර ඇති බව පොලීසිය කියයි.
පසුව ඔහුව මුන්දලම දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව හලාවත මහා රෝහලට මාරු කර යවා ඇත.

No comments:
Post a Comment