වර්තමානයේදී රට ලබා ඇති ආර්ථික දියුණුවට හේතුව, පසුගිය රජයන් මෙන් වත්මන්
රජය රාජ්‍ය ආයතන විකුණා දැමීමට කටයුතු නොකිරීම බව ජනාධිපති මහින්ද රාජපක්ෂ
මහතා ප්‍රකාශ කළා. එදා පැවති ආණ්ඩු, රජයට ව්‍යාපාර කටයුතු කළනොහැකි බව
පවසමින් රාජ්‍ය ආයතන විනාශ කළේ දේශපාලන හිතවතුන්ට කුණු කොල්ලයට ඒවා විකුණා
දැමීමේ අරමුණින් බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ
මහතා මෙම අදහස් පළ කළේ 2011 වසරේදී රජයට පවරාගත් සෙවනගල සහ පැල්වත්ත සීනි
කර්මාන්තශාලාවල සේවකයින්ට ප්රතිලාභ බෙදාදීමේ උත්සවයට අද එක්වෙමින්.
රජයට
පවරා ගැනීමෙන් පසු, පසුගිය වසරේදී මෙම ආයතන රුපියල් මිලියන 1486 ක ලාභයක්
ඉපයීමට සමත්ව ඇති බවයි ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේ. ඉන් සියයට 20ක්
දිරි දීමනා සහ ප්රතිලාභ වශයෙන් එහි සේවකයින්ට සහ ගොවි ජනතාවට බෙදාදීම
සෙවනගල සීනි කර්මාන්තශාලා ක්‍රීඩාංගණයේදී අද සිදු කෙරුණා.
No comments:
Post a Comment