ගම්පහ දිස්ත්‍රික්කයේ පානීය ජල බෝතල් නිෂ්පාදනාගාරයක තිබී භූමිතෙල් මිශ්‍ර වු ජල බෝතල් තොගයක් පාරිභෝගික අධිකාරිය විසින් සොයාගෙන තිබේ.
එහිදි භූමිතෙල් මිශ්‍ර වී තිබු මිලි ලීටර් 1500ක ධාරිතාවයෙන් යුත් පානීය ජල බෝතල් 12,000ක් සොයාගත් බව පාරිභෝගික අධිකාරිය සඳහන් කළේය.
එමෙන්ම එම ස්ථානයේ තිබී මිලිලීටර් 500 ක ධාරිතාවයෙන් යුත් ජල බෝතල් 25,000ක් සහ ජලය පිරවීමට රැගෙනවිත් තිබු හිස් බෝතල් ලක්ෂ 5ක් ද සොයාගෙන තිබේ.
එම ජල බෝතල්වල වටිනාකම රුපියල් ලක්ෂ 50 ඉක්මවන බව පාරිභෝගික අධිකාරිය පැවසුවේය.
වැටලීම සිදුකරන අවස්ථාව වන විටත් අදාළ ජල බෝතල් ප්‍රධාන පෙළේ අවන්හල්, විදේශීය අවන්හල් සහ සුපිරි වෙළෙඳසැල්වලට අලෙවි කර තිබේ.
No comments:
Post a Comment