එහි පම්බල සාන්ත සෙබස්තියන් දේවස්ථානයට එක් රැස්වූ ගම්වැසියෝ පසන් ගායනයේ යෙදී සිටියහ.
එහිදී අනුශාසනාවක් කළ ශ්‍රී ලංකා රදගුරු සම්මේලනයේ ලේකම් හලාවත රදගුරු වැලන්ස් මෙන්දිස් හිමිපාණෝ, කිතුනුවාගේ උතුම්ම සංකේතය කුරුසය බව සඳහන් කළහ.
ශ්‍රී ලාංකීය කිතුණු සංස්කෘතිය ඉදිරි පරම්පරා වෙත ගෙන යාම පිණිස වැඩපිළිවෙලක් තිබෙන බවද වැලන්ස් මෙන්දිස් හිමිපාණෝ පැවසූහ.
ගොන්සාල්වෙස් පියතුමා ගෙන් පැවැත එන පසන් ගායනය ඉදිරි පරම්පරා වෙත ගෙන යාම පසන් ගායනාවල ප්‍රධාන අරමුණ බවයි, පුහුණුකරු රේමන් වාස් කියා සිටියේ.
හලාවත වැල්ල වීදිය සාන්ත බර්නදෙත් දේවස්ථානයේ දායක මණ්ඩලය එක්ව සංවිධානය කරන ලද පාස්කු නාට්‍යයද එහිදී රඟ දැක්වුණු අතර එහි පුහුණුකරු චාල්ස් රුද්‍රිගු සඳහන් කළේ නාට්‍ය සදහා නළු නිලියන් සොයා ගැනීමේදී ගැටළු මතු වූ බවයි.
No comments:
Post a Comment