පිරිත් සජ්ජායනා මධ්‍යයේ සුබ නැකතටයි ජනාධිපතිවරයාගේ හිස තෙල් ගැල්වීම සිදු කෙරුණේ.
මේ අතර දෙහිවල සත්වෝද්‍යානයේ අලි ඇතුන්ගේ හිස තෙල් ගැල්වීමේ උත්සවය ද බදාදා පැවැත්වුණි.
දෙහිවල සත්වෝද්‍යානයේ වෘද්ධතම හස්ති රාජයා වන හැටපස් හැවිරිදි බන්දුල ඇතා ඇතුළු අලි ඇතුන් නව දෙනකු ඊට සහභාගී කෙරිණ.
බන්දුල ඇතාට හිස තෙල්
හිස් තෙල් ගෑමේ උත්සවය පැවති අලි ගාල අසලට සත්වෝද්‍යානය නැරඹීමට පැමිණි විශාල පිරිසක් එක් වූ අතර සත්වෝද්‍යානයේ සේවක මණ්ඩලයද එහි විය.සුබ මොහොතින් අලි ඇතුන්ගේ හිස තෙල් ගැල්වීම ආරම්භ කරමින් බන්දුල ඇතාටයි හිස තෙල් ගෑම සිදු කෙරුණේ.
සෙසු අලි ඇතුන්ගේත් හිස තෙල් ගෑමෙන් අනතුරුව ඔවුන්ට පලතුරු හා කිරිබත් ආහාර බෙදා දුන්නේ භික්ෂුන් වහන්සේ විසිනි.
දෙහිවල සත්වෝද්‍යානයේ ජ්‍යෙෂ්ඨ පාලක කේ.සී. කිත්සිරි, බීබීසී සංදේශයට අදහස් දක්වමින් වසර තිහකට අධික කාලයක් අලි ඇතුන්ට හා අනිකුත් සතුන්ට හිස තෙල් ගෑමේ චාරිත්‍රය එහි සිදු කෙරෙන බවයි කියා සිටියේ.
අලි ඇතුන්ගේ හිස තෙල් ගෑමෙන් අනතුරුව සත්වෝද්‍යානයට රැස් ව සිටි පිරිසගේ ද හිස තෙල් ගෑම සිදු කෙරුණි.
No comments:
Post a Comment