Thursday, April 17, 2014

අනතුරට පත් නෞකාවේ සිටි පුද්ගලයින් සෙවීම පුළුල් කරයි

අනතුරට පත් නෞකාවේ සිටි පුද්ගලයින් සෙවීම පුළුල් කරයි
අනතුරට ලක්වු දකුණු කොරියානු නෞකාවේ සිටි පුද්ගලයින් සෙවීමේ කටයුතු තවදුරටත් පුළුල් කර තිබේ.

අනතුරෙන් මේ වන විට පුද්ගලයින් 09 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර මියගිය පිරිසෙහි 17 හැවිරිදි පාසැල් සිසුන් සිව් දෙනෙකු සහ 25 හැවිරිදි ගුරුවරයෙකු වන බව සඳහන් වෙයි.

දකුණු කොරියාවේ සෝල් අගනුවර අන්සාන් ප්‍රදේශයේ පිහිටි උසස් පාසලක සිසුන් 325 දෙනෙකු ඇතුළු මගීන් 475 දෙනෙකු නෞකාවේ අදාළ ගමන් කර තිබුණි.

එරට වයඹ දිග ඉන් ඉන්චාන් වරායේ සිට දකුණුදිග ජේජු දුපත දක්වා ගමන්කරමින් තිබු නෞකාව ඊයේ (16) පෙරවරුවේ අනතුරට ලක්වුණි.

ඊයේ(16) මධ්‍යම රාත්‍රියේ සිට අවස්ථා 05ක දී නෞකාව අනතුරට ලක්වු ප්‍රදේශය ආශ්‍රිත මුහුදුපත්ලේ සෝදිසි මෙහෙයුම් දියත් කළ ද මුහුදේ පවතින රළු ස්වභාවය හේතුවෙන් එම මෙහෙයුම් වඩාත් අසීරු වී ඇති බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් නෞකාව අනතුරට ලක්වීමට හේතුව මෙතෙක් නිෂ්චිතව හඳුනාගෙන නොමැති බවට වාර්තා වෙයි.

දකුණු කොරියානු සිසුන් 325 දෙනෙකු ඇතුළු 475 දෙනෙකු රැගත් මෙම නෞකාව එරට නිරිතදිග මුහුදු ප්‍රදේශයේ දී ඊයේ(16) අනතුරට ලක් වුණි.

කෙසේ වෙතත් පුද්ගලයින් 179 දෙනෙකු බේරාගෙන ඇති බව වාර්තා වෙයි.

No comments:

Post a Comment