Tuesday, April 22, 2014

උත්සව සමයේදී සතොස වාර්තාගත ආදායමක් ලබයි

උත්සව සමයේදී  සතොස වාර්තාගත ආදායමක් ලබයි මෙවර උත්සව සමයේ දී පමණක් ලංකා සතොස වාර්තාගත ආදායමක් උපයාගෙන ඇති බව සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යාංශය පවසයි.

පසුගිය අප්‍රේල් මස පළමු වැනිදා සිට 13 වැනිදා දක්වා පමණක් රුපියල් කෝටි 200කට අධික ආදායමක් උපයා ගැනීමට ලංකා සතොස සමත්ව ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කළේය.

පසුගිය වර්ෂයේ දී ලංකා සතොස උත්සව සමය තුළ උපයාගත් ආදායම රුපියල් කෝටි 178ක් වන අතර එම වර්ෂයට වඩා මෙවර උත්සව සමයේ දී රුපියල් කෝටි 34ක ආදායමක් උපයාගෙන තිබේ.

සීනි, පරිප්පු, ලොකු ලුනු, අර්තාපල්, මුං ඇට, කව්පි, කඩල, වියළි මිරිස්, කුකුළු මස්, සැමන්, හාල්මැස්සන් වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල පහත දැමීම හේතුවෙන් මෙවර වැඩි ආදායමක් උපයාගැනීමට හැකි වු බව සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය සඳහන් කළේය.

No comments:

Post a Comment