වාර්තා වී ඇති අන්දමට දරා ගැනීමට අපහසු දැඩි ශීතලක අඩු ඔක්සිජන් ප්‍රතිශතයක් ඇති මීටර දොළොස් දහසක් ඉහළ අහසේ පැය පහකුත් මිනිත්තු දහයක කාලයක් පියාසර කළ ළමයාගේ හිසකෙස් පමණක් අවුල් වී තිබුණ අතර ඔහුගේ යහපත් සෞඛ්‍යය තත්වය නොවෙනස්ව තිබූ බවයි වාර්තා වන්නේ.
තමාට මද කුස ගින්නක් පමණක් දැනුණ බව ළමයා පවසයි.
ගෙදරින් දබරව ගිය ගමනක්
ආරක්ෂක කැමරා රූප රාමු යොදා ගනිමින් පරීක්ෂණ මෙහෙයවූ ෆෙඩරල් නිලධාරීන් දැක ගැනීමට ලැබුණේ, කැලිෆෝනියාවේ ශාන්ත ජොසේ ගුවන්තොටුපොළෙහි වැටකින් රිංගා ඇතුල් වන ළමයා බෝයින් හත්සීය හැට හත ගුවන් යානයේ රෝද කුටියට පිවිසෙන ආකාරයයි.බලධාරීන් පවසන්නේ ළමයා ඔහුගේ දෙමවුපියන් සමග ඇතිවූ වාදයක් දුර දිග යාම හේතුවෙන් මෙසේ ගෙදරින් පැන ගොස් ඇති බවයි.
ගුවන් සේවා නිලධාරීන් විසින් ළමයාට නඩු ප වරා නැති නමුත් ඔහු ළමා ආරක්ෂණ සේවා ආයතනයට භාර දී ඇත.
No comments:
Post a Comment