Saturday, April 26, 2014

ජාවාරමක පුරුකක් අල්ලයි.

ත්‍රීකුණාමලය ප්‍රදේශය මුල්කර ගනිමින් කලක් තිස්සේ ක්‍රියාත්මක වු කිඹුල් හූනන් විකිණීමේ ජාවාරමක් හෙළිකර ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් වී තිබේ. ඔවුන් විසින් ඊයේ රාත්‍රී චීන වරාය ප්‍රදේශයේ ක්‍රියාත්මක කළ ක්ෂණික මාර්ග බාධකයකදී ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි කිඹුල් හූනන් 12ක් හා එම කිඹුල් හූනන් ප්‍රවාහනය කරමින් සිටි තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ත්‍රීකුණාමලය වනජීවි නිලධාරීන්ට බාරදී ඇත.

එහිදී අදාළ ත්‍රීරෝද රථයද පොලිස් බාරයට ගෙන තිබේ. සොයා ගත් කිඹුල් හූනන් අතර හුඹස් හූනන් 8 දෙනකු හා පුල්ලි හූනන් 4දෙනකු සිටින බවත්,මෙම හූනන් දෙවර්ගයම ශ්‍රී ලංකාවට පමණක් ආවේනික හූනන් බවත් වනජීවි නිලධාරීන් කියා සිටි. මෙම එක් කිඹුල් හූනෙකු සඳහා රුපියල් විසි දහසක පමණ මුදලක් කොළඹ සිටින ජාවාරම්කරු විසින් තමන්ට ගෙවන බව අත්අඩංගුවට පත් සැකකරුවන් කියා සිටි. කෙසේ වෙතත්,අදාළ ජාවාරම්කරු එක් හූනෙකු රුපියල් ලක්ෂ හතරත් හයත් අතර මුදලකට වෙනත් පාර්ශවයකට විකුණන බව වනජීවි නිලධාරීන්ගේ අදහසයි.සැකකරුවන් තිදෙනා අද දිනයේ ත්‍රීකුණාමලය මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරන බව වනජීවි නිලධාරීන් කියා සිටියේය.

No comments:

Post a Comment