Saturday, April 26, 2014

ගිනි අවි නිෂ්පාදකයෙක් අල්ලයි

නීති විරෝධි ලෙස ගිනි අවි නිෂ්පාදනය කරමින් සිටි පුද්ගලයෙකු පල්ලෙබැද්ද, කොස්වැටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ‍.

පොලිස් විශේෂ කාර්යය බලකායේ තංගල්ල කඳවුරේ නිලධාරින්ට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලිම සිදුකර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබි ටි 56 වර්ගයේ ගිනිඅවියක්, උණ්ඩ 06ක්,උල්කටු 05ක්, විවිධ ප්‍රමාණයේ යකඩ බට 06ක් ඇතුළු උපකරණ රැසක් පොලිස් විශේෂ කාර්යය බලකාය භාරයට ගෙන තිබේ.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා


ගොඩකවෙල පොලිසියට භාර දී ඇත.

No comments:

Post a Comment