Tuesday, April 22, 2014

කොරියාවෙන් ලංකාවට සහතිකයක්

කොරියාවෙන් ලංකාවට සහතිකයක්ගැටුම් අවසන් වීමෙන් පසු ශ්‍රී ලංකාව සෑම අතින්ම විශාල ප්‍රගතියක් අත්කරගෙන ඇති බව කොරියානු ජනරජයේ විශේෂ නියෝජිත හා හිටපු විදේශ අමාත්‍ය යු මියුන්ග් හ්වාන් මහතා පවසයි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ අරලියගහ මන්දිරයේ දී පැවති හමුවකදී ඔහු මෙය ප්‍රකාශ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කර ඇති හිටපු එල්.ටි.ටි.ඊ. සාමාජිකයින් යළි සමාජගත කිරීම සහ අවතැන් වු පුද්ගලයින් නැවත පදිංචි කිරීමේ ක්‍රියාවලියේ සාර්ථකත්වය පිළිබඳ කොරියානු විශේෂ නියෝජිතවරයා ප්‍රසාදය පළ කර තිබේ.

එමෙන්ම ප්‍රථම උතුරු පළාත් සභා මැතිවරණය නිදහස් හා සාධාරණ අයුරින් පැවැත්වීම සම්බන්ධයෙන් සහ යුද සමයේ අතුරුදන්වූවන් පිළිබඳ සොයා බැලීම සඳහා පත් කර ඇති ජනාධිපති කොමිසම පිළිබඳව ද ඔහුගේ වැඩි අවධානයක් යොමුවු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ජනාධිපතිවරයා විසින් කොරියානු විශේෂ නියෝජිත යු මියුන්ග් හ්වාන් මහතාට උතුරු පළාතේ සංචාරයක් සඳහා ද ආරාධනා කර තිබේ.

එමෙන්ම මෙරට සමඟ පවතින ද්වීපාර්ශවික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා තම රජය බලාපොරොත්තුවෙන් සිටින බව කොරියානු විශේෂ නියෝජිත යු මියුන්ග් හ්වාන් මහතා එහිදි ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

No comments:

Post a Comment