Tuesday, April 15, 2014

එල්.ටී.ටී.ඊ. හිතවාදී සමුළුවක්

බ්‍රිතාන්‍යයේ එල්.ටී.ටී.ඊ. හිතවාදී සමුළුවක්කල්පිත ඊළාම් රාජ්‍යයක් සඳහා වු සංවිධානය හෙවත් ටී.ජී.ටී.ඊ. සංවිධානය බ්‍රිතාන්‍යයේදී සමුළුවක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

වී. රුද්‍රකුමාරන් නමැත්තාගේ නායකත්වයෙන් යුතුව පිහිටුවාගෙන ඇති අදාළ සංවිධානය ශ්‍රී ලංකා රජය විසින් පසුගියදා තහනමට ලක් කළ සංවිධාන ලැයිස්තුවට ඇතුළත්ය.

ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ වෙනම රාජ්‍යයක් බිහිකිරීම සඳහා විදෙස් රටවල සිට ක්‍රියාත්මක වන සංවිධාන 16ක් රජය විසින් පසුගියදා තහනමට ලක්කර තිබුණි.

කෙසේ වුව ද කල්පිත ඊළාම් රාජ්‍යයක් සඳහා වු සංවිධානය හෙවත් ටී.ජී.ටී.ඊ. සංවිධානය මෙරට ආර්ථිකයට පහරක් එල්ල කිරීමේ අරමුණින් සමුළුව සංවිධානය කර ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ භාණ්ඩ වර්ජනය කරන ලෙස ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා සිටීම සඳහා ව්‍යාපාරයක් ආරම්භ කිරීම සමුළුවේ අරමුණ වී තිබේ.

ලබන මැයි මාසයේ දී සමුළුව ආරම්භ කිරීමට නියමිත බව අදාළ සංවිධානය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

No comments:

Post a Comment