Saturday, September 13, 2014

Five women arrested with gold at BIA


කාන්තා පපු ප්‍රදේශයෙන් රත්‍රං මතුවෙයි - වටිනාකම මිලියන 20යි-ගුවන්තොටු පලෙන් මාට්ටුවෙයි....

 නීති විරෝධි ආකාරයෙන් මෙරටට රත්‍රං ගෙන ඒමට උත්සහ කළ කාන්තාවන් 05 දෙනෙකු කටුනායක ගුවන් තොටුපල රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අද පෙරවරුවේ මෙම කාන්තාවන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

මෙම කාන්තාවන් 05 දෙනා සිංගප්පුරුවේ සිට පැමිණි යූ.එල් 307 දරන ගුවන් යානයෙන් මෙරටට පැමිණ ඇති අතර ලද තොරතුරක් මත සිදුකළ විමර්ශනයකදි අදාළ රත්‍රං සොයාගෙන තිබේ.

ඒ අනුව අදාළ කාන්තාවන්ගේ පපු ප්‍රදේශයේ සඟවා තිබියදි රත්‍රං බිස්කට් 10ක් සොයාගෙන ඇති අතර වළලු 08ක්,කර මාල 02ක් සහ අත් පළඳනා 02ක් ඔවුන්ගේ ගමන් මලු තුළ තිබි සොයාගත් බව ශ්‍රි ලංකා රේගුව සඳහන් කළේය.

සොයගන්නා ලද මෙම රත්‍රං වල බර කිලෝග්‍රෑම් 03කට අධික වන අතර එහි වටිනාකම රුපියල් මිලියන 20ක් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණි මහතා සඳහන් කර සිටියේය.

අත්අඩංගුවට ගත් කාන්තාවන් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි අවුරුදු 40ත් 45ත් අතර වයස් කාණ්ඩ වල පසුවන්නන් වන බව සඳහන් වෙයි.

සැකකාර කාන්තාවන් මේ වන විට ශ්‍රි ලංකා රේගුව බාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරිම් සිදුකරයි

No comments:

Post a Comment