විදේශගත ශ්‍රී ලාංකිකයන්ට යළිත් වරක් ද්විත්ව පුරවැසිභාවය සඳහා ඉල්ලුම් කළ හැකි බව ආණ්ඩුව නිවේදනය කොට තිබේ.
මීට
වසර හතරකට ඉහතදී අත්හිටවනු ලැබූ ද්විත්ව පුරවැසිභාවය ලබාදීම නව නිර්ණායක
යටතේ සඳුදා සිට යළි ආරම්භ කරන බව මහජන සාමය පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග
සන්ඩේ ටයිම්ස් පුවත්පතට පවසා තිබුණි.වැඩිහිටියකුගේ අයදුම්පතක් වෙනුවෙන් රුපියල් ලක්ෂ පහක මුදලක් අයකිරීමට මුලින් තීරණය කොට තිබුණත් එය රුපියල් දෙලක්ෂ ලක්ෂ දක්වා අඩු කරන අතර වයස අවුරුදු 22 ට අඩු අයකුගෙන් අය කරනු ලබන්නේ රුපියල් පනස් දහසක් පමණක් බවත් අමාත්‍යවරයා සඳහන් කොට තිබේ.
උතුරේ සංචාර
ආණ්ඩුවේ ක්‍රියාමාර්ගය පිළිබඳව ප්‍රසාදය පළ කරන විදේශගත ශ්‍රී ලාංකිකයෝ, විදේශීය ගමන් බලපත්‍රයකින් ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවල තමන්ට බොහෝ දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදු වූ බව පවසති.මෑතදී ශ්‍රී ලංකාවේ කළ සංචාරයකදී සිය දියණියන් දෙදෙනා ඕස්ට්‍රේලියානු ගමන් බලපත්‍රවලින් ගමන් කිරීම හේතුවෙන් බරපතල දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදු වූ බවයි, ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිටින සමාජ ක්‍රියාධරයකු වන ප්‍රසන්න කුරුකුලසූරිය බීබීසී සංදේශය කළ විමසීමකදී කියා සිටියේ.
මෙවැනි දුෂ්කරතා හමුවේ ද්විත්ව පුරවැසිභාවයලබා ගැනීමට ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් උනන්දුවන් බලා සිටින බව පවසන ඔහු, එමෙන්ම සිය මවුබිමට සේවය කිරීමටත් බොහෝ විදේශගත ශ්‍රී ලාංකික වෘත්තිකයන් බලාපොරොත්තුවෙන් සිටින බවත් පැවසීය.
යුද්ධයෙන් අනතුරුව උතුරු විදේශීය ගමන් බලපත්‍ර සහිතව උතුරු නැගෙනහිර පලාත්වල සංචාරය කළ දෙමළ ජනතාව සිංහල ජනතාවට වඩා අමිහිරි අත්දැකීම්වලට මුහුණ දීමට සිදු වූ ආකාරය තමන්ට දැනගන්නට ලැබුන බවත් ප්‍රසන්න කුරුකුලසූරිය වැඩිදුරටත් සඳහන් කළේය.
ආණ්ඩුවේ අලුත් නිර්ණායක පිළිබඳව විමසීම පිණිස මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග ඇමතීමට සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.
No comments:
Post a Comment